Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශුභසාධක දීමනා අයැදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම අවසන්
Uncategorized

ශුභසාධක දීමනා අයැදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම අවසන්

Stanly KularathnaBy Stanly KularathnaMarch 17, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක ශුභසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලැබුණු අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් අදියරෙන් අදියර සිදු කරමින් පවතියි.

ඒ අනුව, දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩි ම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව සඳහන් කළ අමාත්‍යවරයා පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක් ද ගාල්ල දිස්ත්‍රික්කයේ 32%ක් ද ආදී වශයෙන් සමස්ත දිවයින ම ආවරණය වන පරිදි අයැදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම සිදු කර ඇති බව ද පැවසීය.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වන දිනෙන් අවසන් වන බැවින් කඩිනමින් තොරතුරු සමීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් වෙත නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා සියලු ම අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම, නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයැදුම්කරුවන්ට ශුභසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කර තිබෙනවා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ සෑම පැය 4කට වරක් සිය දිවි නසා ගැනීමක්
Next Article ඩුබායි හි 2022 දී කුලියට දීම සඳහා ඊ-ස්කූටර් මිලියන 1 ක් ලියාපදිංචි කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.