විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ රැකියා ලබා දීම සඳහා පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු, වංචනික ලෙස මුදල් ලබා ගැනීම නිසා පසුගියදා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කුවේට්හි රැකියාවක් ලබා දීම සඳහා රුපියල් 450,000 ක මුදලක් ලබාගෙන ඇත. පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම නිසා එම කාන්තාව කාර්යාංශයට පැමිණිලි කර ඇත. පැමිණිල්ල සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එදින ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 500,000 ඇප බැඳුම්කර සහ රුපියල් 10,000 මුදල් බැඳුම්කරයක් නියම කර ඇත. සැකකරුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. සැකකරුට සෑම මසකම අවසන් සඳුදා කාර්යාංශයේ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.

මේ අතර, ඕමාන්හි රැකියාවක් සඳහා ගොස් ආපසු පැමිණෙන පුද්ගලයෙකුගෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මුදල් අය කර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව එම කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා සැකකරු 2023.03.09 වන දින කාර්යාංශයට රැගෙන ආ අතර, එහිදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම රැකියා අවස්ථාව ලබාදීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 555,000ක් ලබාගෙන ඇති බව පිළිගෙන තිබෙනවා.

Share.

Comments are closed.