සෞදි අරාබිය රටඉඳි ටොන් 50ක් ශ්‍රී ලංකා රජයට භාරදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞදි තානාපති Khalid Hammoud Alkahtani මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත ඊයේ තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයකදී රටඉඳි තොගය භාර දෙන ලදී.

ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් පරිත්‍යාග කළේ සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය මගිනි.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් සෞදි අරාබි තානාපතිවරයා, සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ විශිෂ්ට මානුෂීය ප්‍රයත්නයන් ප්‍රශංසා කළ අතර, එය ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකක භාරකරු වන සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞදි රජුගේ සහ අගමැති ඔටුන්න හිමි කුමරුගේ රජයේ උනන්දුව පිළිබිඹු කරයි. සෞදි රාජ්‍යය සහ ශ්‍රී ලංකා මිත්‍ර ජනරජය අතර පවතින ශක්තිමත් සබඳතා සැලකිල්ලට ගනිමින් විවිධ තත්වයන් සහ පීඩාවන්හිදී සහෝදර සහ මිත්‍ර රටවල් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඔහු විසින් ඇගයුමට ලක්කලා.

මෙම ත්‍යාගය පැමිණෙන්නේ සල්මාන් බින් අබ්දුල්ලාසීස් අල් සවුද් රජුගේ සහ ඔටුන්න හිමි කුමරුගේ රජය විසින් ලොව විවිධ ප්‍රදේශවල සිටින අසරණ පවුල් වෙත ළඟා වීමේ අරමුණින් සහෝදර මිත්‍රශීලී රටවල් ගණනාවකට පිරිනමන වැඩසටහන් තුළය.

මෙම උත්සවයට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සයිනුල් ආබ්දීන් මොහොමඩ් ෆයිසාල් යන මහත්වරුන් ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, රජයේ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ තානාපති කාර් යාලයේ සේවක සේවිකාවන් රැසක්  ද සහභාගි වූහ.

Share.

Comments are closed.