ජාතික දිනය, ඊද් හෝ රාමසාන් වැනි වැදගත් අවස්ථාවන්හිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයින් සිරකරුවන්ට සමාව දීම ​අසාමාන්‍ය දෙයක් නොවේ.

රාමසාන් මාසය ආරම්භ වීමත් සමඟ සඳ බැලීම පදනම් කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් විසින් සිරකරුවන් 1025 දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

රාමසාන් මාසයට පෙර ලබාදෙන ෂෙයික් මොහොමඩ්ගේ වාර්ෂික සමාව පවුලේ සමගිය වැඩිදියුණු කිරීම, මව්වරුන්ට සහ දරුවන්ට සතුට ගෙන ඒම සහ නිදහස් වූ සිරකරුවන්ට ඔවුන්ගේ අනාගතය ගැන නැවත සිතා බැලීමට සහ සාර්ථක සමාජයක​ට ගෙන යාමට ඉඩ සලසන සහ වෘත්තීය ජීවිතයකට යොමු කරමින් දැහැමි මාවතට පැමිණීමට අවස්ථාව සලසා දීම අරමුණු කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයින් ජාතික දිනය, ඊද් හෝ රාමසාන් වැනි වැදගත් අවස්ථාවන්හිදී සිරකරුවන්ට සමාව දීම ​අසාමාන්‍ය දෙයක් නොවන අතර පසුගිය වසරේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 51 වන ජාතික දිනය වෙනුවෙන්, අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සිරකරුවන් 1,530 ක් නිදහස් කිරීමට නියෝග කළ අතර නිදහස් කරන ලද සිරකරුවන්ගේ මූල්‍ය වගකීම් පියවීමට ද ප්‍රතිඥා දුන්නේය.

Share.

Comments are closed.