ඩුබායි හි ඔටුන්න හිමි කුමරු වන අතිගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් නව රජයේ වේදිකාවක් නිවේදනය කරයි. එය වැසියන්ට මිනිත්තු 2 කට අඩු කාලයකදී පැමිණිලි කිරීමට ඉඩ සලසයි. පාරිභෝගික කටයුතු වැඩිදියුණු කිරීම සහ රජයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීම මෙහි අරමුණ බව ඔහු වැඩිදුරටත් පැවසීය

මෑතදී දියත් කරන ලද නව වේදිකාවක් මගින් ඩුබායි රජය සහ එහි ගනුදෙනුකරුවන් සම්බන්ධ කරනු ලබනවා. ‘04’ (04.gov.ae) නමින් හැඳින්වෙන මෙම වේදිකාව රජයේ ආයතන 40ක් සම්බන්ධ කරන බව අතිගරු ෂෙයික් හම්දාන් නිවේදනය කළේය.

“ඩුබායි හි අපි අනාගත ආණ්ඩු සඳහා ආදර්ශයක් ගොඩනඟමු. පාරිභෝගිකයා රජයේ සේවාවන්හි ප්‍රතිලාභියෙකු පමණක් නොව, ඒවා සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම සඳහා උපායමාර්ගික හවුල්කරුවෙකි, ”ෂෙයික් හම්දාන් ට්වීට් කොට තිබුණා.

වේදිකාවේ වෙබ් අඩවිය විකල්ප තුනක් ඉදිරිපත් කරයි:

යෝජනා කරන්න

ඕනෑම රාජ්‍ය සේවාවක් සහ/හෝ සේවාවට අදාළ ගනුදෙනුවක් දියුණු කිරීමට හෝ වැඩිදියුණු කිරීමට පරිශීලකයින්ට නව අදහසක් පළ කළ හැකිය.

පැමිණිලි

ඔබ “රජයේ සේවාවක් හෝ ද්වාරය භාවිතා කරන ඕනෑම ආයතනයක් විසින් සපයනු ලබන ඕනෑම සේවාවක් සැකසීමේදී කිසියම් ක්‍රියා පටිපාටියක් හෝ ගනුදෙනුවක් ගැන සෑහීමකට පත් නොවන්නේ නම්” ඔබට මෙම විකල්පය භාවිතා කළ හැක.

අදහස් දක්වන්න

ඔබට ඕනෑම සේවාවක් හෝ ගනුදෙනුවක් සම්බන්ධයෙන් “ඍණාත්මක හෝ ධනාත්මක” ඔබේ මතය බෙදා ගත හැකිය.

Share.

Comments are closed.