ශ්රී ලංකාවේ රාජ්ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් බවත් ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසදීමේදී ශ්රී ලංකාවේ රාජ්ය ආදායම පහළම මට්ටමක පවතින බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් මේ බව පැවැසීය.
2026 වෙද්දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කර ගැනීම අපේ අපේක්ෂාවයි. ආංශික බදු සහන නොමැතිව ආදායම් බදු අනුපාතය 30%ක් දක්වා දැන් වැඩිකර තිබෙනවා. වැට් බදු අනුපාතය 8% සිට 15% දක්වා වැඩි කර තිබෙනවා. වැට් බදු ලබාදීමේ නිදහස් කිරීම ක්රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම හා S VAT ක්රමය අහෝසි කිරීමටත් පියවර ගන්නවා.
2025 දී අවම බදු නිදහස් කිරීමට යටත්ව දේපළ බද්ධක් වෙනුවට ධන බද්දක් හදුන්වාදීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමටත් පියවර ගන්නවා ඔහු වැඩිදුරටත් පැවැසීය.