රාමසාන් මාසයේ නව අඩ සඳ 22දා සවස ශ්‍රී ලංකාවට දර්ශනය වී නොමැති බව කොළඹ මහ පල්ලිය පවසයි.

එබැවින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සිකුරාදා – මාර්තු 24 අලුයම සිට රාමසාන් උපවාස මාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය පවසයි.

“ලයිලත් අල් කද්ර්” රාත්‍රියේ අල් කුර්ආනය මුහම්මද් නබිතුමාට පහළ වූ කාලය සිහිපත් කිරීම සඳහා ලොව පුරා සිටින මුස්ලිම්වරු රාමසාන් මාසයේ උපවාස හා යාඥාවන් පවත්වති.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය වන රාමසාන් මාසයේ නිරාහාරව සිටීම ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් ලෙස සැලකේ.

Share.

Comments are closed.