එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) විසින් සිරියාවේ පසුගිය මාසයේ සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා “ද ගැලන්ට් නයිට් 2” මෙහෙයුමේ කොටසක් ලෙස ශුද්ධ වූ රාමසාන් මාසය තුළ මානුෂීය ආධාර බෙදා හැරීම අඛණ්ඩව සිදු කරයි.

මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඥානවන්ත නායකත්වය විසින් සිරියානු ජනතාව වෙනුවෙන් කරන ලද වැදගත්ම මානුෂීය මුලපිරීමයි. ERC කණ්ඩායම් භූමිකම්පාවෙන් විපතට පත් සිරියාවේ ප්‍රදේශ කිහිපයක තවත් පවුල් 160,000ක් පමණ ඉලක්ක කර ගනිමින් රාමසාන් මුල පිරීම් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කල අතර, ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති සම්පූර්ණ ආධාර වටිනාක​ම ඩිරාම් මිලියන 3.17 වෙනවා.

රාමසාන් මාසයේ පළමු දිනයේදී, ERC ක්ෂේත්‍ර කණ්ඩායම්, Syrian Red Crescent සමඟ සම්බන්ධීකරණයෙන්, සිරියානු පවුල් සඳහා ආහාර බාස්කට් 5,000 ක් සහ ඉෆ්තාර් ආහාර 75,000 ක් බෙදා හැරීමට පටන් ගත්හ. ඔවුන් ප්‍රදේශ පහක රාමසාන් කූඩාරම් ඉදිකර ඇති අතර පවුල් 5,000 ක් සඳහා සකාත් අල් ෆිතර් වැඩසටහන පිරිනැමීමට අමතරව ඊද් ඇඳුම් පැකට් 10,000 ක් සූදානම් කරමින් සිටිති.

භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල සිටින සිරියානු ජනතාව වෙනුවෙන් Emirates Red Crescent මෙම වසරේ අභිලාෂකාමී රාමසාන් වැඩසටහනක් සකස් කර ඇති බව පැවසීය. “Bridge of Goodness” ව්‍යාපාරයේ ප්‍රධාන කොටසක් ලෙස ශුද්ධ මාසය තුළ සිරියානු ජනතාවට ආහාර සැපයීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවට Emirates Red Crescent හි මහලේකම් හම්මුද් අබ්දුල්ලා අල් ජුනයිබි පැවසීය.

ජුනයිබි තවදුරටත් පැවසුවේ, විපත්තියෙන් එල්ල වූ අභියෝග නොතකා, ශුද්ධ මාසය තුළ ආගමික පිළිවෙත් අනුගමනය කිරීමට උපකාර කිරීම සඳහා සිරියාවේ අධිකාරියේ කණ්ඩායම් රාමසාන් මාසයට පෙර ආහාර කූඩ බෙදා හැරීමට පටන් ගත් බවයි.

භූමිකම්පාවෙන් වැඩිපුරම බලපෑමට ලක් වූ ප්‍රදේශවල, විශේෂයෙන් කඳවුරුවල සහ තාවකාලික නිවාසවල සිටින අයගේ ඉෆ්තාර් වැඩසටහන්, සකාත් අල් ෆිතර් සහ ඊද් ඇඳුම්වල ප්‍රතිලාභීන්ගේ පරාසය පුළුල් කිරීමට ERC හි ඇති උනන්දුව ඔහු අවධාරණය කළේය.

එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් විසින් භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා කූඩාරම් 50 කින් සමන්විත තාවකාලික නවාතැනක් පිහිටුවීමට අමතරව ආහාර පාර්සල් බෙදා හැරීම, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සහිත රෝහල්වලට සහාය වීම සාර්ථකව සිදු කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තවමත් ගලවා ගැනීමේ සහ සහන ප්‍රයත්නයන්ගෙන් පසු පුනරුත්ථාපන අදියරේදී සිරියානු ජනතාවට සහාය දැක්වීම සඳහා පූර් ණ පරිමාණයෙන් එවැනි උත්සාහයන් දිගටම කරගෙන යනු ලබයි.

Share.

Comments are closed.