ඩෙස්ක්ටොප් WhatsApp යෙදුම යාවත්කාලීන කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව WhatsApp යෙදුම සක්‍රිය කර ඇති ප්‍රාථමික දුරකථනය ක්‍රියා විරහිත වුවද යොමු කරනු ලබන පණිවිඩ ඩෙස්ක්ටොප් යෙදුමට ලැබෙන අයුරින් එම යාවත්කාලින කිරීම සිදුකර ඇත.

පරිශීලකයින්ට දැන් තනි WhatsApp ගිණුමට උපාංග (Devices) හතරක් සම්බන්ධ කිරීමට හැකියාව ලබාදී ඇති අතර WhatsApp ගිණුම සක්‍රිය කර ඇති ප්‍රාථමික උපාංගයේ අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වුවද සෙසු උපාංග 04ට ස්වාධීනව ගිණුමේ ක්‍රියාකිරීමේ හැකියාව පවතින බවයි ​මෙටා සමාගම සඳහන් කරන්​නේ.

වින්ඩෝස් (Windows) සඳහා වන නව WhatsApp යෙදුමේ දී වීඩියෝ ඇමතුමක් සඳහා පුද්ගලයින් 8 දෙනෙකු සහ ශ්‍රව්‍ය ඇමතුම් වලදී පුද්ගලයන් 32 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇති බව සඳහන්.

ඩෙස්ක්ටොප් WhatsApp යෙදුම සඳහා වූ නවතම යාවත්කාලින කිරීම පහත ඇති යෙදුමෙන් බාගත හැකිය.

https://www.whatsapp.com/download/

Share.

Comments are closed.