ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පිරමීඩ මූල්‍ය වංචාවකට සම්බන්ධ බව කියන පෞද්ගලික සමාගමක (OnmaxDT) අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විදේශ ගමන් තහනමක් පැනවීමට ඊයේ නියෝග කළේය. විදේශ ගමන් තහනම පිළිබඳ තොරතුරු ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොටස්කරුවන් වන සම්පත් සඳරුවන්, අතුල, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික සහ ධනංජය ජයන් යන අයට විදෙස් ගමන් තහනම් කෙරුණා.

සැකකාර අධ්‍යක්ෂවරුන්ට සහ සමාගමට අයත් ගිණුම් 57ක් අත්හිටුවන ලෙසද මහේස්ත්‍රාත්වරයා අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග කළේය. බැංකු පනතේ 83 වැනි වගන්තිය සහ මුදල් විශුද්ධිකරණ පනතේ 03 වැනි වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

Share.

Comments are closed.