Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»FitsAir කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වැඩි කරයි
Uncategorized

FitsAir කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වැඩි කරයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ, ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වය දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි ස​හ ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් දිනපතා සේවාවක් ලෙ​ස වැඩි කොට තිබෙනවා. ගමනාන්ත දෙක අතර දෛනික සේවා ආරම්භ වූයේ මාර්තු 26 වැනිදා සිට​ය.

මුලින් මෙ​ම සේවාව පැවති​යේ සතියකට ගමන් වාර 4 ලෙසයි. දිනපතා සේවාවක් ලෙස ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට තීරණය කර ඇත්තේ දෙරට අතර සංචාරකයින්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙන්ම එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ ඉල්ලුමේ ඉහළ යාමක් අපේක්ෂාවෙන් ය. මෙම මාර් ගය දිගු දුර ගුවන් ගමන් සඳහා සංක්‍රමණ ගමනාන්තයක් ලෙස සංචාරකයින් අතර ජනප්‍රියය.

Fits Aviation (Pvt) Ltd හි විධායක අධ්‍යක්ෂ, Ammar Kassim මහතා පැවසුවේ, “අපගේ කොළඹ සිට ඩුබායි දක්වා සේවා සංඛ්‍යාතය දෛනික සේවාවක් දක්වා වැඩි කර ඇති බව ප්‍රකාශ කිරීමට අපි ඉතා සතුටට පත් වෙමු. “අපගේ සේවාවේ මෙම වැඩිදියුණු කිරීම මගින් බාධාවකින් තොරව ගමනාන්ත දෙක අත​ර සම්බන්ධතාවයක් සැපයීමට අපගේ කැපවීම පිළිබිඹු කරයි.”

නව දෛනික ගුවන් ගමන් මගීන්ට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඩුබායි ගවේෂණය කිරීමට සහ ව්‍යාපාරික සංචාරකයින් සඳහා කේන්ද්‍රස්ථානයක් ගවේෂණය කිරීමට විශිෂ්ට අවස්ථාවක් ලබා දෙයි. ලෝක මට්ටමේ සාප්පු සවාරි, සුඛෝපභෝගී නවාතැන් සහ ත්‍රාසජනක වික්‍රමාන්විතයන් ඇතුළු පුළුල් පරාසයක ආකර් ශනීය ස්ථාන සමඟින්, ඩුබායි සෑම කෙනෙකුටම පිරිනැමීමට යමක් තිබේ.

FitsAir පසුගියදා කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් හඳුන්වා දෙමින් නව ගමනාන්තයක් ද එක් කළේය. 2022 ඔක්තෝම්බර් මාසයේදී ගුවන් මගී සේවා දියත් කිරීමේ සිට ගුවන් සමාගම සිය මෙහෙයුම් පුළුල් කරමින් පාරිභෝගිකයින්ට වැඩි සංචාරක තේරීම් සහ වඩා හොඳ සම්බන්ධතාවයක් ලබා දීමට එහි කැපවීම පෙන්නුම් කරයි.

තරඟකාරී මිල ගණන් යටතේ ප්‍රායෝගික සංචාරක විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, FitsAir හි අරමුණ වන්නේ සැමට ගමන් කිරීමට ප්‍රවේශ විය හැකි මිත්‍රශීලී අඩු වියදම් ශ්‍රී ලංකා ගුවන් සේවයක් ලෙස ස්ථාපිත වීමයි. ඉදිරි කාර් තුවේදී FitsAir නව ජාත්‍යන්තර ගමනාන්ත තුනක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරයි.

Dubai Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ටැක්සි රියදුරන් ස​හ යතුරුපැදි ධාවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිකුරාදා
Next Article සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සූර්​ය බලයෙන් විදුලිය
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.