හරස් පදික මාරු ව​ල නොනවත්වන රියදුරන් නිරීක්ෂණය කිරීම සහ අල්ලා ගැනීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීයව පාලනය වන නව රේඩාර් අප්‍රේල් 3 සඳුදා සිට ක්‍රියාත්මක කරන බව උමල්කුවින් පොලිසිය නිවේදනය කරයි.

හරස් පදික මාරුව​ල නතර කිරීමට අපොහොසත් වන ඇතැම් රියදුරන් නිසා සිදුවන රිය අනතුරු සංඛ්‍යාව සහ ඉන් පසුව සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම සඳහා රේඩාර් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාර කිහිපයකින් පසුව මෙම පියවර ගෙන තිබෙනවා. පදික මාරු හරහා ගමන් කිරීමේදී මාර්ග නීති පිළිපදින ලෙසත් පදිකයන්ට ඉඩ ලබා දෙන ලෙසත් අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

රථවාහන රෙගුලාසිවලට අනුව, පදිකයින්ට ඉඩ නොදීම සඳහා රියදුරන්ට ඩිරාම් 500 දඩයක් සහ කළු ලකුණු 6 ක් හිමි වෙනවා.

හරස් පදික මාරු ව​ල නොනවත්වන මෝටර් රථ රියදුරන් නිරීක්ෂණය කිරීම සහ අල්ලා ගැනීම සඳහා අබුඩාබිහි මාර්ග දැනටමත් කෘතිම බුද්ධිය (AI) මගින් බල ගැන්වෙන රේඩාර් ස්ථාපනය කර තිබෙනවා.

Share.

Comments are closed.