ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඩුබායි හි වෙළඳ සැල් විවෘතව තබන කාලය දීර්ඝ කර ඇති බව ඩුබායි උත්සවය සහ සිල්ලර වෙළඳාම (DFRE) නිවේදනය කොට තිබෙනවා.

සංචාරකයන්ට සහ වැසියන්ට මධ්‍යම රාත්‍රිය දක්වා හෝ ඉන්පසුවත් රාමසාන් කාලය පුරාවට සාප්පු සවාරි, භෝජන සංග්‍රහ සහ වෙනත් ක්‍රියාකාරකම් භුක්ති විඳිය හැකිය.

වෙළඳ සැල් ඔවුන්ගේ කාලය දීර්ඝ කර ඇත්තේ මෙලෙසයි:

ඩුබායි ෆෙස්ටිවල් සිටි ​මෝල්: වෙළඳ සැල් වේලාවන්: ඉරිදා සිට බදාදා දක්වා පෙ.ව. 10 සිට  මධ්‍යම රාත්‍රී 12 දක්වා, බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා උදේ 10 සිට අළුයම 1 දක්වා

සිටි සෙන්ටර්  – මිර් ඩිෆ්: වෙළඳ සැල් වේලාවන්: සෑම දිනකම පෙ.ව. 10 සිට අළුයම 1 දක්වා, සමහර වෙළඳසැල් අළුයම 2 දක්වා විවෘතව පවතී

සිටි සෙන්ටර් – ඩෙයිරා: වෙළඳ සැල් වේලාවන්: සෑම දිනකම පෙ.ව. 10 සිට අළුයම 1 දක්වා, සමහර වෙළඳසැල් අළුයම 2 දක්වා විවෘතව පවතී

එමිරේට්ස් වෙළඳ සංකීර් ණය (Mall of the Emirates): වෙළඳ සැල් වේලාවන්: සෑම දිනකම පෙ.ව. 10 සිට අළුයම 1 දක්වා, සමහර වෙළඳසැල් අළුයම 2 දක්වා විවෘතව පවතී

City Walk: සිල්ලර, සේවා, විනෝදාස්වාදය සහ දේපල අලෙවිසැල් සහ කඩ සාප්පු: සෑම දිනකම පෙ.ව. 10 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා

ආහාර පා​න අලෙවිසැල් සහ කියෝස්ක්: සෑම දිනකම උදෑසන 10 සිට අළුයම 1 දක්වා

Share.

Comments are closed.