එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර් තමේන්තුව (PP), සංවිධානාත්මක සිඟමන් යැදීම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කිරීමක් මගින් පැහැදිලි කොට තිබෙනවා.

2021 අංක 31 දරණ දණ්ඩ නීති සංග්‍රහය (අපරාධ සහ දඬුවම් පිළිබඳ නීතිය) ප්‍රකාශ කිරීමේ ෆෙඩරල් ආඥා පනතේ අංක 476 වගන්තියට අනුව, පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන සංවිධානාත්මක සිඟමන් යැදීමේ අපරාධය සිදු කරන කවරෙකු​ට වුව ද දඬුවම් නියම කරනු ලැබේ. මාස හයකට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීම සහ ඩිරාම් 100,000 කට නොවැඩි මූල්‍ය දඩයක් නියම කිරීම ඇතුලත් වෙනවා.

සංවිධානාත්මක සිඟමන් යැදීමේ අපරාධය සඳහා පුද්ගලයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බාහිරින් ලබා දෙන කවරෙකු වුව ද එම දඬුවම අදාළ වේ.

සමාජ මාධ්‍ය හරහා ​එම පළ කිරීම් ප්‍රජාවේ සාමාජිකයින් අතර නීති සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට සහ රටේ නවතම නීති සම්පාදනය පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමට නීතිපති දෙපාර්තමේන්තු​වේ උත්සාහයේ කොටසකි.

Share.

Comments are closed.