එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යෙහි තිබෙන එකම ස්වේච්ඡා සංවිධානය ව​න “සහන” සුභසාධ​ක සංගමය මගින් ඩුබායි හි ශුද්ධවූ රාමසාන් සමයේදී යැදුමෙන් හා නිරාහාරව සිටිමින් නැමදීමේ ක්‍රියාවක යෙදෙ​න්​නන්​ට උපවාසය අත්හැරීම සඳහා ඉෆ්තාර් අහාර සහ අඩුආදායම් ලාබී කම්කරු සහෝදර ජනතාවට ආහාර වේල් 5000 ක් බෙදාහැරීම ඊයේ සවස සිදුකෙරුණා.

මෙම ආහාර බෙදා හැරීම සිදුකෙ​රුනේ සෝනාපූර් මුහයිස්නා හි ෆක්රුදීන් කඳවුර අබි හුසේන් හිදීය.

අඩු වරප්‍රසාදලාභී ජන පිරිසක් අතර, ආදරය සහ කරුණාව පෙරදැරි කරගෙන මෙම ඉෆ්තාර් අහාර වේල් බෙදා හැරීම සහන ස්වේච්ඡා සේවකයින් සහ සහන සාමාජිකයින් අතින් සිදුවුනා.

Share.

Comments are closed.