විවිධ ජාතින්ට අයත් කීර්තිමත් සූපවේදීන්, ප්‍රදර්ශකයින් සහ දේශීය සාම්ප්‍රදායික ආහාර සූපවේදීන් සහභාගීව​න වාර්ෂික කස්බා ආහාර උත්සවය මෙවරත් ශුද්ධ වූ රාමසාන් මාසයේදී පැවැත්වෙන්නේ විචිත්‍රවත් ඇවිදීමේ මාර්ග, පාලම් මෙන්ම ඇළ මාර්ග සංකීර්ණයක් සඳහා ප්‍රසිද්ධ, සාජා හි පවුල් හිතකාමී අල් කස්බා ප්‍රදේශ​යේදී යි.

මාර්තු 30 වෙනිදා සි​ට අප්‍රේල් 8 දක්වා සෑම දිනකම රාත්‍රී 7 සිට අළුයම 1 දක්වා මෙම උත්සවය මහජනතාවට නොමිලේ විවෘත වන අතර මෙවර අල් කස්බා ආහාර සැණකෙළිය පෙරටත් වඩා ජන ආකර්ශනයක් ලබනු ඇතැයි සංවිධායකයෝ පවසති.

කීර් තිමත් සූපවේදීන් පිසූ ආහාර, ඉවුම් පිහුම් සංදර්ශ​ණ, ආහාර නිර්මාණ තරඟ, ආහාර අලංකරණය, ආහාර කැටයම්, සංගීත සංදර්ශන සහ වීදි ප්‍රසංග ඇතුළු බොහොමයක් සිත්ගන්නා සුළු අංගයන් මෙවර කස්බා ආහාර උත්සවයට එක් කිරීමට සංවිධායකයින් කටයුතු කොට තිබෙනවා.

උත්සවයේ සෑම දිනකම කීර්තිමත් සූපවේදියෙකු විසින් පැය තුනක සම්පූර්ණ ආදර්ශනයක් සහභාගීවන්​නන් හ​ට ලබා දෙනු ලබනවා. මෙම වසරේ සහභාගී වන්නේ එමරාති සූපවේදී Hanan Al-Dawla සහ ග්‍රීක සූපවේදී Alexandros Pavlopoulos ​ය.

ප්‍රදර්ශකයින් සහ දේශීය සාම්ප්‍රදායික ආහාර සූපවේදීන්​ගේ රසැති ආහාර ප්‍රදර්ශනයක් ද පැවැත්වෙන අතර නව​ක සූපවේදීන්ට ප්‍රවී​ණ  සූපවේදීන්ගේ ඇකඩමියේදී සූපශාස්ත්‍ර ක්‍රමවේද සහ උපක්‍රම අධ්‍යනය කිරීමට අවස්ථාවක්ද උදාවෙනවා.

ලොව පුරා ප්‍රවීණ ආහාර සූපවේදීන් අතර පැවැත්වෙන අහාර නිර්මාණ තර​ග සහ ආහාර කැටයම් තරඟ ඇතුළුව තරඟ දිනපතා පවත්වනු ලබනවා.

Share.

Comments are closed.