එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනන්‍යතාවය, ජාතිකත්වය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) One Touch Golden Visa විස්තීරණ සේවාව දියත් කරන බව නිවේදනය කොට තිබෙනවා.

සුදුසුකම් ඇති අය සඳහා, Golden Visa බලපත්‍රයක් සඳහා අයදුම්කිරීම පහසුකර ඇති අතර ICP වෙබ් අඩවිය හරහා ප්‍රවේශ විය හැක.

ICP හි නිල Instagram ගිණුමේ සටහනක් හරහා ​ද මෙම නිවේදනය නිකුත් කොට තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Golden Visa සඳහා ඇති ඉල්ලුම, ඩුබායි දේපල වෙලඳපොල දැඩි ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවය සමග වැඩි වී තිබෙනවා. පුද්ගලයෙකුට Golden Visa බලපත්‍රයක් ලබා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ දේපල සඳහා ආයෝජනයයි.

මෙම යෝජනාක්‍රම​ය ඉතා ජනප්‍රි​ය බව ඔප්පු වී ඇත. නොවැම්බර් මාසයේදී ආරංචි මාර්ග අනාවරණය කළේ ගෝල්ඩන් වීසා 100,000 කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර එය 2022 ට වඩා 35% ක වැඩිවීමකි.

දේපල ආයෝජනය හරහා ඔබට රන් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැකි ආකාරය මෙන්න:

ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුව

දේපල ආයෝජකයින්ට ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුව (DLD) හරහා රන් වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

පියවර 1: පාරිභෝගිකයා DLD හි සේවා මධ්‍යස්ථානයකට පැමිණිය යුතුයි.

පියවර 2: පාරිභෝගිකයා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ගාස්තු ගෙවී​ම

පියවර 3: වෛද්‍ය පරීක්ෂණය එහිදී පවත්වනු ලැබේ

පියවර 4: විදේශ ගමන් බලපත්‍රයේ වීසා මුද්‍රා තැබීම

අවශ්‍ය ලිපි ලේඛන:

  • ගමන් බලපත්‍ර​ය
  • හිමිකම් ඔප්පු සහතිකයේ විද්‍යුත් පිටපතක් තිබීම
  • පුද්ගලික ඡායාරූපය
  • වලංගු සෞඛ්‍ය රක්ෂණය
  • එමිරේට්ස් හැඳුනුම්පත

ආයෝජන කොන්දේසි (ආයෝජක වීසා වසර 10 සඳහා)

  • අයදුම්කරුගේ නම යටතේ අවම ඩිරාම් මිලියන 2 ක වටිනාකමකින් යුත් දේපල හෝ හිමිකාරී කොටස (එක් දේපලක් හෝ වැඩි ගණනක්)
  • දේපල උකස් කර ඇත්නම්, දේපල වටිනාකමෙන් අවම වශයෙන් ඩිරාම් මිලියන 2 ක් බැංකුවට ගෙවිය යුතුය. ​මේ සඳහා NOC ලිපියක් සහ ගෙවූ මුදල සඳහා ලිපියක් ද අවශ්‍ය වේ.
  • ස්වාමිපුරුෂයා සහ භාර් යාව එක් දේපලක කොටස් සඳහා හිමිකම පෑම ක​ලහැකි නමුත් විවාහ සහතිකයක් අවශ්‍ය වේ.
Share.

Comments are closed.