ලොව විශාලතම චොකලට් ප්‍රදර්ශනයේ දෙවන වටය – Salon du Chocolat et de la pâtisserie – නැවත ඩුබායි වෙත පැමිණෙයි.

ජනප්‍රිය චොකලට් ප්‍රදර්ශනය මේ වසරේ මැයි 18 සිට මැයි 20 දක්වා ඩුබායි මෝල් හිදී පැවැත්වෙනවා.

විශේෂ දෙවන සංස්කරණය වෘත්තීය චොකලට් රස පරීක්ෂකයින්, චොකලට් මාස්ටර්වරුන්, චොකලට් ලෝලීන් මෙන්ම ලොව පුරා සිටින සුප්‍රසිද්ධ කතුවරුන් සහ පේස්ට්‍රි සූපවේදීන් සඳහා සත්කාරකත්වය සපයනු ඇත.

2023 වාර්ශි​ක වැඩසටහනට ප්‍රසිද්ධ සූපවේදීන් සහ චොකලට් සහ පේස්ට්‍රි ප්‍රදර්ශකයින් ගනනා​වක් විසින් සපයනු ලබන අද්විතීය වැඩමුළු සහ ප්‍රධාන උපදේශක පන්ති ඇතුළත් වේ.

මෙහිදී ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාමවලින් රස නහර පිනවන චොකලට් සොයා ගැනීමට, රස බැලීමට සහ මිලදී ගැනීමට අමුත්තන්ට ආරාධනා කරනු ලබන අතර පැමිණ සිටින සුප්‍රසිද්ධ පේස්ට්‍රි සූපවේදීන් සමඟ සුවිශේෂී හමුවීම් සහ සුබ පැතුම් භුක්ති විඳින්න අවස්ථාවක් උදාවෙනවා.

1994 දී Salon du Chocolat et de la pâtisserie පැරීසියේ දියත් කළ දා සිට, ලොව පුරා සුප්‍රසිද්ධ නගර වන නිව් යෝර් ක්, ටෝකියෝ, ලන්ඩන්, බ්‍රසල්ස්, කොලෝන්, ලියොන්, මොස්කව්, ෂැංහයි, මර්සෙයිල්, සූරිච්, හොංකොං, බීරූට්, ඩුබායි සහ ජෙඩා වැනි ප්‍රසිද්ධ නගරවල උත්ස​ව සංවිධානය කරමින් සියලුම චොක්ලට් ලෝලීන් සඳහා ජාත්‍යන්තර මතක සටහනක් බවට කො​ට ඇත.

Share.

Comments are closed.