රජයේ ඉහළ නිලධාරීන් සිදු කරන මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව පහළ නිලධාරීන්ට හා සේවකයන්ට කිසිදු බියකින් තොරව හෙළි කිරීමට හැකි වන විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

එලෙස තොරතුරු ලබා දෙන රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද රජය වෙත දැනුම් දී තිබේ.

‘‘රජයේ ඉහළ නිලධාරීන් සිදු කරන වංචා පිළිබඳව ඊට පහළින් සිටින රජයේ නිලධාරීන් දැන සිටියත්, ඔවුන් එම තොරතුරු කිසිවෙකුට දෙන්නේ නෑ. එවැනි තොරතුරක් ලබා දුන්නොත් අදාළ පුද්ගලයාගේ රැකියාව අහිමි වෙයි කියා බියක් තිබෙනවා. නමුත් නව දූෂණ විරෝධී පනත හරහා රාජ්‍ය ආයතනවල ඉහළම නිලධාරීන් සිදු කරන වංචා දූෂණ පහළ ශ්‍රේණිවල සිටින රජයේ සේවකයන්ට නොබියව සහ රහසිගතව හෙළිදරව් කිරීමට හැකි වන නම ක්‍රමවේදයක් සකස් කරනවා’’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

Share.

Comments are closed.