දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දෙන බව සෝල් හි පිහිටි Hyundai සමාගම පවසයි.

සමාගමේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් මෑතදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව දන්වා ඇත.

දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයින් තෝරා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සහ පුහුණුව පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින Hyundai Marine සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Kim Byong Boo විසින් එය මෙහෙයවනු ලැබූ බව පාර් ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

දිවයිනේ තරුණ තරුණියන් ඉහළ නිපුණත්වයක් ඇති අය බව සඳහන් කළ නියෝජිත පිරිස දකුණු කොරියාවේ රැකියා සඳහා වැඩි පුහුණුව ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය. ඔවුන් අවධාරණය කරන්නේ මෙම සේවකයන්ට යහපත් ගුණාංග ඇති විනයගරුක තරුණයින් වීම වැදගත් බවයි.

රජය මැදිහත් වී රට තුළ විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදී පුහුණු ශ්‍රමිකයන් කඩිනමින් දකුණු කොරියාවට යැවීමේ අවශ්‍යතාව ප්‍රමාදයකින් තොරව දූත පිරිස පෙන්වා දුන්හ.

දකුණු කොරියාවේ ශ්‍රමිකයන්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිමයෙන් ලබාදෙන බවට ද මෙහිදී සහතික විය.

එබැවින් දකුණු කොරියාවේ නැව් ඉදිකිරීම් සහ අළුත්වැඩියා කිරීම, විදුලි කාර් මිකයන් සහ වෙල්ඩින් යන ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයින් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් එම ක්ෂේත්‍රවල නියුක්තිකයන්ට ඉහළ වැටුප් හිමිවන බවත් නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් සඳහා අංග සම්පූර් ණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සහයෝගය ලබාදෙන ලෙස නියෝජ්‍ය කථානායකවරයා නියෝජිත පිරිස අමතමින් ඉල්ලා සිටියේය.

වෘත්තීය කුසලතාවන්ට අමතරව කොරියානු භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් පුහුණුව තුළින් ලබාදීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් කැමැත්ත පළ කළ නියෝජිත පිරිස පෙන්වා දුන්නේ දක්ෂ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බවයි.

Share.

Comments are closed.