Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»රාමසාන් මාසයේ පළමු දින 15 තුළ සාජාහිදී යාචකයින් 119ක් අත්අඩංගුවට
Law

රාමසාන් මාසයේ පළමු දින 15 තුළ සාජාහිදී යාචකයින් 119ක් අත්අඩංගුවට

Stanly KularathnaBy Stanly KularathnaApril 8, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යාචකයින් සමඟ ඩිරාම් 33,000 කට වඩා සොයා ගන්නා ලදී

රාමසාන් මාසයේ පළමු දින 15 තුළ සාජා හි යාචකයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බලධාරීහු ප්‍රකාශ කළහ.

රාමසාන් සමයේදී සාජා හි හිඟාකෑමට එරෙහිව සටන් කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කර ඇති අතර, හිඟන්නන් පිළිබඳ ක්ෂණික දුරකථන අංකවලට වාර් තා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • යාචකයන් වාර්තා කරන්නේ කෙසේද?
  • අමතන්න: 80040
  • අමතන්න: 901
  • සාජා පොලිස් වෙබ් අඩවියේ “Guard” සේවාව
  • සාජා පොලිස් මාර්ග මුර සංචාරය

සාජා පොලිසිය එමිරේට්ස් හි පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ කැපවූ අංකවලට අමතා “seasonal begging” ලෙස විස්තර කරන දේ වාර්තා කරන ලෙසයි.

සාජා පොලිසිය රාමසාන් මාසයේ පළමු දිනයේ සිට සිඟමන් යැදීමට එරෙහිව ව්‍යාපාරයක් දියත් කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමින් 109 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු සිටින බව බලධාරීහු පවසති.

ආගමික හැඟීම් ගසාකෑම

මහජන පැමිණිල්ලක් අනුව සිඟමන් යැදීමේ සිද්ධියක් වාර්ථා වන ස්ථානයට පොලිස් මුර සංචාරයක් මගින් යොමු කරන බවත් බොහෝ යාචකයින් මිනිසුන්ගේ ආගමික සහ පුණ්‍යමය හැඟීම් පහසුවෙන් මුදල් ඉපැයීමට යොදා ගන්නා බව පොලිසිය අනතුරු ඇඟවීය.

සාජා පොලිසියේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බ්රිගේඩියර් අරිෆ් බින් හුඩයිබ් ප්‍රකාශ කළේ රාමසාන් මාසය ආරම්භයේ සිට සාජා පොලිසියේ යාචක විරෝධී කමිටුව විසින් අත්අඩංගුවට ගත් යාචකයින් ළඟ තිබී සොයා ගත් මුළු මුදල් ප්‍රමාණය ඩිරාම් 33,000 ඉක්මවන බවයි.

දයාවේ මාසය තුළ ප්‍රජාවේ සාමාජිකයන් පුණ්‍ය කටයුතු සහ පරිත්‍යාග ලබා දීමට තරඟ කරන බව බ්රිගේඩියර් බින් හුඩයිබ් පැහැදිලි කළේය, එය දුර් වල මනසක් ඇති අයට සිඟමනේ යෙදීමට අවස්ථාව සලසා දෙයි.

බලපත්‍රලාභී පුණ්‍යායතනවලට දෙන්න

දුප්පතුන් සහ අගහිඟකම් ඇති අය අතර සුදුස්සන් වෙත ළඟාවීම සහතික කිරීම සඳහා බලපත්‍රලාභී පුණ්‍යායතන සහ රජය විසින් අනුම​ත කරන ලද ආයතන සමඟ ගනුදෙනු කිරීමට තම දානය පරිත්‍යාග කිරීමට කැමති සමාජයේ සාමාජිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.

රාමසාන් ප්‍රයෝජනයට ගන්නා යාචකයින් මුදල් එකතු කිරීම සඳහා භාවිතා කරන ක්‍රම පිළිබඳව සමාජයේ සාමාජිකයන් දැනුවත් කිරීමේ අරමුණින් “සිඟාකෑම අපරාධයක් සහ දීම වගකීමකි” යන මැයෙන් මෙම ව්‍යාපාරය ආරම්භ වූ බව බ්රිගේඩියර් බින් හුඩයිබ් පැවසීය.

සිඟමන් යැදීම සෘණාත්මක හැසිරීමක් වන අතර රාජ්‍ය ප්‍රතිරූපය විකෘති කරන බව පැවසූ නිලධාරියා, මෙම සංසිද්ධිය පුද්ගලික මූල්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා සොරකම් කිරීම, ළමුන් සහ රෝගීන් සූරාකෑම වැනි පුද්ගලයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන හැසිරීම් සහ අවදානම් සමඟ සම්බන්ධ වී ඇති බව පෙන්වා දුන්නා.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොරියාවෙන් ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්
Next Article ඩුබායි ගුවන්තොටුපළ ගෞරවනීය ආරක්ෂක සම්මාන දෙකක් දිනා ගනී
Stanly Kularathna

Related Posts

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.