ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය මෙහෙයවීමෙන් සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් 2023 සිඟිති අලුත් අවුරුදු මංගල්‍ය​ය තෙවසරකට පසුව ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

2023 සිඟිති අලුත් අවුරුදු මංගල්‍ය

2023 අප්‍රේල් මස 8 වෙනි සෙනසුරාදා 

සවස 3:00 සිට රාත්‍රී 8:00 දක්වා

ඩුබායි ශෙයිකා ලතීෆා රෝහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා

ක්‍රීඩා වලට සහභාගීවීම දහම් පා​සලේ දරු දැරියන්ට පමණක් සීමා වෙනවා​.

සවස 3:00 සිට 5:30 දක්වා ජාතික ක්‍රීඩා පැවැත්වීමෙන් අනතුරුව දරු දැරියන්ට අලුත් අවුරුද්ද හා බැඳුනු සිරිත්විරිත, අවුරුදු චාරිත්‍ර, ක්‍රියාකාරකම්, උපකරණ, අවුරුදු ක්‍රීඩා වැනි හෙල භාවිතයන් පිළිබඳ අධ්‍යාපණික වැඩසටහනක් මගින් දරුවන් දැනුවත් කෙරෙනවා.

ඉන් අනතුරුව අවුරුදු සංස්කෘතික උළෙල පැවැත්වීමට නියමිතයි.

ආහාර පාන සහ කැවිලි පෙවිලි වෙළඳ කුටි සවස 5:00 ට ආරම්භ කිරීමට නියමිතයි.

රාමදාන් චාරිත්‍ර වලට අනුකුලව, ඉෆ්තාර් වේලාවෙන් පසුව ආහාර අනුභවය සිදුකරෙනවා.

Share.

Comments are closed.