Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායි මෝටර් රථ අංක තහඩු වෙන්දේසියේදී “P7” නව වාර්තාවක් තබමින් ඩිරාම් මිලියන 55ක​ට අලෙවි ​වේ
RTA

ඩුබායි මෝටර් රථ අංක තහඩු වෙන්දේසියේදී “P7” නව වාර්තාවක් තබමින් ඩිරාම් මිලියන 55ක​ට අලෙවි ​වේ

Stanly KularathnaBy Stanly KularathnaApril 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊ​යේ රාත්‍රියේ ඩුබායි හි පැවති ‘වඩාත්ම උතුම් අංක’ වෙන්දේසියේදී නව වාර්තාවක් තබමින් “P7” වාහන අංක තහඩුව ඩිරාම් මිලියන 55 කට අලෙවි විය.

ජුමෙයිරාහි ෆෝ සීසන්ස් නිවාඩු නිකේතනයේදී පැවති වෙන්දේසියේදී ජයග්‍රාහී ලංසුව තැබුවේ අමුත්තන් අතර තියුණු ලෙස පැවති ලංසු සටනක් අවසානයේ ය.

“අවුරුදු දහසයකට පෙර අබුඩාබි හි අංක තහඩුවක් ඩිරාම් මිලියන 52.5 කට අලෙවි කර ලෝක වාර්තාවක් පිහිටුවන ලදී. අපි අලුත් ලෝක වාර්තාවක් තියමුද?” ලංසු තැබීම ආරම්භ කිරීමට පෙර සන්ධ්‍යාවේ සත්කාරකයා අමුත්තන්ගෙන් විමසීය. පිළිතුර වූයේ ඔව් යන්නයි.

ඩිරාම් මිලියන 15ක ලංසුවකින් ආරම්භ වූ එම ලංසු තත්පර කිහිපයකින් ඩිරාම් මිලියන 30කට වඩා වැඩි විය. ටෙලිග්‍රෑම් යෙදුම ආරම්භ කළ ප්‍රංශ-එමරාති ව්‍යාපාරික Pavel Valeryvich Durov විසින් ලංසු තැබූ ඩොලර් මිලියන 35 ​ක ලංසුව මිනිත්තු කිහිපයක් එකතැන රැඳී තිබුණි.

කෙසේ වෙතත්, විවිධ තැන්වලින් ලංසු ගලා ඒම නිසා වෙන්දේසිය උණුසුම් විය. එක් එක් ලංසු තබන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දෙමින් අත්පොළසන් දුන්හ. නිර්නාමිකව සිටීමට කැමති ලංසු පුවරු අං​ක 7 විසින් එය ඩිරාම් මිලියන 55 දක්වා ඉහළට ගෙ​න ගියේය.

ඉලක්ක ගත මුදල​ට ළඟා වී ලංසුව අවසන් වූ පසු, ජයග්‍රාහී ලංසුකරු වටා රැස්ව සිටි සෙනඟ ඔහුට සුභපතමින් ප්‍රීතිඝෝ​ෂ නගන්නට වි​ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති, ඩුබායිහි පාලක ස​හ උප සභාපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් දියත් කරන ලද විශාලතම රාමසාන් තිරසාර ආහාර ආධාර අරමුදල පිහිටුවීමට “බිලියන එකක ආහාර පරිත්‍යාගය” ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා විශේෂ වාහන තහඩු සහ දුරකථන අංක සඳහා “වඩාත් උතුම් අංක” පුණ්‍ය වෙන්දේසිය අප්‍රේල් 8 ඊ​යේ ඩුබායිහිදී පැවැත්විණි.

UAE හි මෙතෙක් අලෙවි ක​ල මිල අධිකම අංක තහඩු

  • P7 (ඩුබායි – ඩිරාම් මිලියන 55 මිලියන)
  • (අබුඩාබි; 2008 දී අලෙවි කරන ලදි)- ඩිරාම් මිලියන 52.2
  • AA9 (ඩුබායි, 2021 දී විකුණන ලදි) – ඩිරාම් මිලියන 38
  • AA8 (ඩුබායි, 2022 දී විකුණන ලදි)- ඩිරාම් මිලියන 35
  • D5 (ඩුබායි, 2016 දී අලෙවි කරන ලදි) – ඩිරාම් මිලියන 33
Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුහුණු පොතෙන් මඩ ගසන්නන්ට දඬුවම් දෙන නීති
Next Article රාමසාන් මාසයේ මුස්ලිම් පල්ලි ඉදිරිපිට වාහන ගමනාගමනය අවහිර කිරීමට එරෙහිව පොලිසිය රියදුරන්ට අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.