ඩුබායි සිය විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතිය වන අල්-මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම නැවත ආරම්භ කිරීමට සලකා බලමින් සිටින බව මාධ්‍ය වාර්තා කොට තිබුණා.

ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් (DWC) ලෙසද හැඳින්වෙන ඩිරාම් බිලියන120 ​ක (ඩොලර් බිලියන 33) සංවර්ධන වැඩපිළිවෙ​ල, භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා 2010 ජුනි මාසයේදී සහ මගීන් සඳහා 2013 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරනු ලැබුවා.

මෙම ගුවන් තොටුපළ 2050 වන විට ලොව විශාලතම ගුවන් තොටුපළ බවට පත්කරලී​මේ ඉලක්කයක් ඇති අතර, වාර්ෂිකව මගීන් මිලියන 255ක් දක්වා හැසිරවිය හැකිය.

ව්‍යාපෘතියේ මූලික අදියරේදී ගුවන් තොටුපළේ ධාරිතාව වසරකට මගීන් මිලියන 130 දක්වා ඉහළ නංවනු ඇති අතර, සමස්ත සංවර්ධනය වර්ග කිලෝමීටර් 56ක ප්‍රදේශයක් ආවරණය කරයි. මෙම අදියර 2030 වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතියට සමීප ආරංචි මාර්ග පවසා ඇත්තේ නිලධාරීන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, නැවත ආරම්භ කිරීමට සූදානම් වන ලෙස විභව පාර්ශවකරුවන්ට උපදෙස් දී ඇති බවත්, මෙම පියවර එමිරේට්ස් ආර්ථිකයට සැලකිය යුතු තල්ලුවක් වනු ඇති බවත්ය.

විශේෂයෙන්ම ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2022 දී මගීන් මිලියන 66.1ක් හසුරුවා ඇති බැවින්, ගුවන්යානා සංඛ්‍යාව යළිත් ඉහළ යාම, පුළුල් කිරීමේ අපේක්ෂාවන් ඉහළ නැංවීමට උපකාරී වී තිබේ.

ඩුබායි 2024 වසරේ මගීන් මිලියන 78 ක් පමණ ගුවන් තොටුපළ භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Share.

Comments are closed.