එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි දර්ශනීය ගිනිකෙළි සංදර්ශන සඳහා ප්‍රසිද්ධය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා, ඩුබායි සිට අබුඩාබි දක්වා, සාජා සිට රසල් කයිමා දක්වා, වර්ණවත් ආලෝකයන් සහ සැමරුම් සමඟ සජීවී වනු ඇත. විශේෂයෙන්, ඩුබායි විවිධ ස්ථානවල ඊද් පළමු රාත්‍රී දෙකේදී විශ්මයජනක ගිනිකෙළි සංදර්ශන කිහිපයක් පවත්වයි.

ඔබ සිටින්නේ ඩුබායිහි නම්, මුළු පවුලටම අමතක නොවන Eid සැමරුම් අත්දැකීමක් ලබා දෙන Bluewaters Island සහ The Beach, JBR වෙත යන්න. අප්‍රේල් 22 සෙනසුරාදා පැවැත්වෙන ඇස් අදහාග​තනොහැකි ගිනිකෙළි සංදර්ශන දැ​ක ගැනීමට මෙම ප්‍රදේශ දෙක සුදුසුම ස්ථාන වේ.

තවත් විකල්පයක් වන්නේ ඩුබායි උද්‍යාන සහ නිකේතනයන්​ය, ඔබ ඔබේ පවුලේ අයට තේමා උද්‍යානය​කට (theme parks) සංචාරයක් සඳහා සංග්‍රහ කරන්නේ නම්, ඔබට ගිනිකෙළි සංදර්ශන භුක්ති විඳිය හැකිය. ඔබ තේමා උද්‍යානයකට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සැලසුම් නොකරන්නේ නම්, අප්‍රේල් 22 සෙනසුරාදා පැවැත්වීමට නියමිත ගිනිකෙළි සංදර්ශන​ය බැලීමට රිවර්ලන්ඩ් වෙත යන්න.

Global Village යන අයට අප්‍රේල් 21 සිකුරාදා සහ අප්‍රේල් 22 සෙනසුරාදා රාත්‍රී 9 ට ගිනිකෙළි සංදර්ශනයක් දැකීමට හැකිය.

විවේකී වාතාවරණයකට කැමති අය සඳහා, ජුමෙයිරා වෙරළේ (Sunset Mall පිටුපස පිහිටා ඇති) එටිසලාට් බීච් ආපන ශාලාව අප්‍රේල් 21 සිකුරාදා ගිනිකෙළි සංදර්ශනයක් පවත්වනු ඇත.

අබුඩාබියේ  – ඊද් ගිනිකෙළි

ඔබ අබුඩාබියේ සිටින අතර ඊද් ගිනිකෙළි නැරඹීමට සුදුසුම ස්ථානය සොයන්නේද?

අල් දෆ්රා කලාපයේ leisure and lifestyle hub කේන්ද්‍රස්ථානය වන Al Mugheirah Bay, අප්‍රේල් 21 සිකුරාදා රාත්‍රී 9 ට දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයකින් ඊද් අල් ෆිතර් සමරනු ඇත. එහිදී නරඹන්නන්ට Khor Al Bazim ට ඉහලින් රාත්‍රී අහස වර්ණ රාශියකින් ආලෝකමත් වීම නැරඹිය හැකිය.

Hudayriat Island අප්‍රේල් 22 සෙනසුරාදා රාත්‍රී 9 ට විස්මිත ගිනිකෙළි සංදර්ශනයක් ඉදිරිපත් කරයි. සංදර්ශ​නය දිවයිනේ දර්ශනීය භූ දර්ශනය ආලෝකමත් කරන අතර විශ්මයජනක දසුනක් ලබා දෙනු ඇත.

Share.

Comments are closed.