ලබන 20 වැනිදා වනවිට මේ වසර සඳහා සංචාරකයන් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනුයේ මේ මාසයේ 16 වැනිදා දක්වා වූ කාලය තුල සංචාරකයන් 55,000ක් මෙරටට පැමිණ ඇති බවයි.

එමෙන්ම මෙම මාසය තුල පැමිණ ඇති සංචාරකයන් අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් ඉන් පසුව රුසියාවෙන් බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් ජනවාරි සිට මේ දක්වා වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් බවද සඳහන් කරන සභාපතිවරයා චීනයෙන් බලාපොරොත්තු වූ තරම් සංචාරකයන් පිරිසක් වර්ධනය වී නොමැති අතර එලැඹෙන මාසයේදී චීන සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

Share.

Comments are closed.