Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»යුරෝපා ලැම්බෝගිනි ශූරතාවට යන්න මුදල් හොයන්​න ඩිලන්ත මාළගමුවගෙන් ප්‍රසංගයක්
Entertainment

යුරෝපා ලැම්බෝගිනි ශූරතාවට යන්න මුදල් හොයන්​න ඩිලන්ත මාළගමුවගෙන් ප්‍රසංගයක්

Stanly KularathnaBy Stanly KularathnaApril 20, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත්, ඒ සදහා අවශ්‍ය මුදල් නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම සඳහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් පැවසීය. ඒ මහතා එසේ පැවසූවේ මීගමුව, ඒත්තුකාළ, ටික් ටොක් හෝටලයේ පසුගියදා පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

මෙම 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය එළඹෙන මැයි මස සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවල තරග 12 ක් පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියේ ජයග්‍රාහකයින් සහ එනම් යුරෝපා ආසියා සහ ඇමෙරිකානු තරගාවලි වල සුපිරි ලැම්බෝගිනි මෝටර් රථ ශූරතා දිනූ ජයග්‍රාහකයින් ඉතාලියේ පවත්වනු තබන තර​ග දෙකකින් සමන්විත අවසාන මහා තරගාවලිය සදහා සහභාගී වීමෙන් , ඔවුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත, අවසාන ලෝක ශූර ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතය.

මෙම තරගාවලිය ඇතුළු වාර් ෂික අනෙකුත් තරගාවලි සදහා සහභාගී වීමට තමන්ට රුපියල් ලක්ෂ 2,000 ත් 2,500 ත් අතර මුදලක් වැය වන බවත් ​එයින් තමන් රුපියල් ලක්ෂ 700 ක මුදලක් සොයා ගත යුතු බවත් ​ඉතිරි මුදල ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් තමන්ට ලබා දෙන බවත් පැවසීය.

මෙසේ තමන් විසින් සම්පාදනය කර ගත යුතු මුදල සොයා ගැනීම සදහා එළඹෙන අප්‍රියෙල් 23 දින සවස 05.00 ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී මෝටර් රථ ප්‍රදර් ශනයක් සහ එදින රාත්‍රී 07.00 ට “Rock And Race” නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද පැවසීය.

මෙම මෝටර් රථ ප්‍රදර් ශනයට ඩිලන්ත මෝටර් රථ පැදවීම සදහා මුලින්ම බලපත්‍ර ලබා ගත් යතුරු පැදියේ සිට ලෝකයේ ධාවන තරග සදහා ඉදිරිපත් වන සුපිරි මෝටර් රථ එනම් (ෆෙරාරි, ලැම්බෝගිනි ඇතුළු Super Racing Car) ඉදිරිපත් කරනු ලබන අතර, සංගීත ප්‍රසංගය​ට චිත්‍රාල් සෝමපාල, ළහිරු පෙරේරා, උමාරියා, කාංචනා අනුරාධි සහ ජය ශ්‍රී සහභාගී වන අතර ඉන්ෆිනිටි සංගීත කණ්ඩායම සංගීතය සැපයීම සිදු කිරීමට නියමිතය.

කළාකරුවන් නොමිලේ සහභාගී වෙමින් තමන් වෙත මෙම මුදල සම්පාදනය කර ගැනීමට සහාය වන බව ද ඩිලන්ත මාළගමුව මහතා අනාවරණය කළේය. මේ සදහා ප්‍රවේශ පත්‍ර mytickets.lk වෙබ් අඩවියෙන් හෝ එදින දොරටුවෙන් ලබා ගත හැකි බව ද පැවසීය.

එසේම තමන් වසර 36 ක් තිස්සේ රටවල් 180 ක තරගාවලි සදහා සහභාගී වී ඇති බවත්, එයින් තරග 60 ක් පමණ ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ජාතික ගීය එම රටවල දී වාදනය කිරීමට සළස්වා ඇති බවත්, තම මෝටර් රථ ධාවන තරග සදහා භාවිතා කරන මෝටර් රථයෙහි ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නම සහ ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග අනුග්‍රහය “නිහතමානී ශ්‍රී ලාංකිකයන්” යනුවෙන් පමණක් සදහන් කර ඇති බවත් පැවසීය.

තමන් සපුරා ගැනීමට අපේක්ෂිත බලාපොරොත්තු කීපයක් ඇති බවත්, ඒවා අතර මෙම සුපිරි ලැම්බෝගිනි ලෝක ශූරතාවය දෙතුන් වතාවක් දිනා ගැනීම, World Endurance Championship තරගාවලියේ ලෝක ශූරතාවය දිනා ගැනීම සහ මෙතෙක් දිනා නොගත් තරගාවලි කීපයක් ජයග්‍රහණය කිරීම ඒ අතර වන බව ද පැවසීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි ඊද් අල් ෆිතර් උත්සවයට පෙර පරීක්ෂා කිරීම්, සූදානම තීව්‍ර කරයි
Next Article “බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි” සඳහා තවත් ඇත්තේ දින 3 ක් පමණයි​
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.