කොළඹ වරාය නගරයේ (පෝට් සිටියේ) ඉදිකෙරෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රෝහලක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් හා අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සංචාරක හෝටලයක් සඳහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
- සිසුන් 1000කට පමණ අධ්‍යාපනය ලැබිය හැකි ජාත්‍යන්තර පාසල ඩොලර් මිලියන 40ක පමණ අයෝජනයකි.
- ඇඳන් 1000කින් යුත් ජාත්‍යන්තර රෝහල ඩොලර් මිලියන 105ක පමණ අයෝජනයකි.
- ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රස්ථානය ඩොලර් මිලියන 500ක ආයෝජනයක් වන අතර එහි ඉදිකිරීම් ඉදිරි මාස තුන තුළ ආරම්භ කිරීමට නියමිතය.
- ප්‍රකට ව්‍යාපාර සමාගමක් එල්.ඕ.එල්.සී. ආයතනයේ ආයෝජනයක් වන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු හෝටලයේ මූලික ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 14ක් පමණ වැයකෙරෙන බව සඳහන්ය. දැනටමත් මැරිනා හොටෙල් නමින් නම්කර ඇති එය තරු 5 හෝටලයකි. මේ අනුව මුළු ආයෝජන වටිනාකම ඩොලර් කෝටි 65.9ක් පමණ වෙයි.