ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2%ක් දක්වා අඩුවී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය 53.6%ක් වූ අතර, ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 42.3%ක් දක්වා අඩු වී තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 54.9%ක් දක්වා අඩු වී ඇති අතර එය පෙබරවාරි මාසයේ පැවතියේ, 57.4%ක් ලෙස ය.

Share.

Comments are closed.