UAE හි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම බොහෝ විදේශිකයන්​ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන කාරණාවකි. පදිංචිකරුවන්ගෙන් බහුතරයකට බලපත්‍රයක් ලබා දීමට පෙර පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදු වන අතර, බලපත්‍රලාභීන් එයින් නිදහස් කර රට තුළ රිය පැදවීමට අවසර දී ඇති තෝරාගත් රටවල් කිහිපයක් තිබෙනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MoI) ‘Markhoos’ වැඩසටහන තුළ රියදුරු බලපත්‍ර හුවමාරු කර ගැනීමට පහසුකම් සපයන සේවාවක් පිරිනමයි. එය සංචාරකයන්ට ඔවුන්ගේ ජාතික රියදුරු බලපත්‍රය සමඟ රිය පැදවීමට හෝ ඔවුන්ට බලපත්‍රයක් ඇති විට එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලපත්‍රයක් සමඟ හුවමාරු කර ගැනීමට අවස්ථා​ව ලබා දෙයි.

MoI වෙබ් අඩවියේ පළ කර ඇති ලැයිස්තුවකට අනුව, මෙම රටවල් 43 හි බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ රියදුරු බලපත්‍රය හුවමාරු කර ගැනීමට අවසර ඇත:

  • එස්තෝනියාව
  • ඇල්බේනියාව
  • පෘතුගාලය
  • චීනය
  • හංගේරියාව
  • ග්‍රීසි​ය
  • යුක්රේනය
  • බල්ගේරියාව
  • ස්ලෝවැක්
  • ස්ලෝවේනියාව
  • සර්බියාව
  • සයිප්‍රස​ය
  • ලැට්වියාව
  • ලක්සම්බර්ග්
  • ලිතුවේනියාව
  • මෝල්ටා
  • අයිස්ලන්තය
  • මොන්ටිනි​ග්‍රෝ
  • ඇමරිකා එක්සත් ජනපදය
  • ප්‍ර​ංශය
  • ජපානය
  • බෙල්ජියම
  • ස්විට්සර්ලන්තය
  • ජර්මනිය
  • ඉතාලිය
  • ස්වීඩනය
  • අයර්ලන්තය
  • ස්පාඤ්ඤය
  • නෝර්වේ
  • නවසීලන්තය
  • රුමේනියාව
  • සිංගප්පූරුව
  • හොංකොං
  • නෙදර්ලන්තය
  • ඩෙන්මාර්කය
  • ඔස්ට්‍රියා​ව
  • ෆින්ලන්තය
  • එක්සත් රාජධානිය
  • තුර්කි​ය
  • කැනඩාව
  • පෝලන්තය
  • දකුණු අප්‍රිකාව
  • ඕස්ට්‍රේලියා​ව
Share.

Comments are closed.