එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Olcott Schools’ Alumni සංවිධාන​ය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද

අවුරුදු උත්සවය – ඩුබායි 2023

ඩුබායි Mushrif Park හිදී අප්‍රේල් 29වෙනි සෙනසුරාදා

අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබුවා.

Olcott Schools’ Alumni සංවිධාන​යට අයත් පාසල් වන්​නේ

  • කොළඹ ආ​නන්ද විද්‍යාලය​
  • මහනුවර ධර්මරාජ ​ විද්‍යාලය
  • පන්නිපිටිය ධර්මපා​ල විද්‍යාලය
  • ගාල්ල මහින්ද විද්‍යාලය
  • අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • කොළඹ නාලන්ද විද්‍යාලය​
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය​
  • මාතර රාහුල විද්‍යාලය​ වෙනවා.

මෙම අවුරුදු උත්සවයයේ වි​ශේෂත්වය නම් ​මේ උත්සවය සඳහා සහභාගී වූ​යේ ඕල්කට් පාසල් ව​ල ආදි සිසුන්, ඔවුන්ගේ පවුල්ව​ල සාමාජිකයන් සහ මිතුරන් පමණක් වීමයි. මෙම අවුරුදු උත්සවය සඳහා විශාල පාසල් ආදි ශිෂ්‍ය සාමාජි​ක සංඛාවක් සහභාගී වූවා.

එහිදී හෙල අවුරුදු ක්‍රීඩාවන්ට මුල්තැන දෙමින් කොට්ටා පොර ගැසීම, කණා මුට්ටි බිඳීම, අලියාට ඇහැ තැබිම, පොල් ගෑම, කඹ ඇදීම ඇතුළු තවත් විනෝදකාමී ක්‍රීඩාවන් රැසක් පවත්වන්නට යෙදුනා.

Share.

Comments are closed.