එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ හේෂාන් ප්‍රදීප් ද සිල්වා පසුගියදා අභවහප්‍රාප්ත වූයෙන් ඔහුගේ හදිසි අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු ක්ෂේත්‍ර​යේ සේවයේ නියුතුව සිටි අතර ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය​යේ දැවැන්ත චරිතයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ක්‍රිකට් සාමාජිකයෙක්, කැපවූ වෘත්තිකයෙක් සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්​ද විය. පාසල් සමයේදී ඔහු 106 වැනි රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලීය පිලට නායකත්වය දුන් කැපී පෙනෙන පාසල් ක්‍රිකට් තරුවකි.

ක්‍රියාකාරී මානව හිතවාදියෙකු සහ අප සැමගේ සහෘදයෙකු වූ හේෂාන් ප්‍රදීප් ද සිල්වා මහතා 2023 වසරේ මුල් භාගයේදී තම ක්‍රීඩා දිවිය අසරණ වූවන්ට උපකාර කිරීම වෙනුවෙන් රොෂාන් මහානාමගේ අරමුදල් රැස්කිරීමේ උදාර පරමාර්ථය වෙනුවෙන් කැපවී කටයුතු කල සුවිශේෂී චරිතයකි.

හේෂාන් ප්‍රදීප් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු අප්‍රේල් 30 දින බොරැල්ල කනත්තේදී සිදුකල අතර ඒ සඳහා විශාල පිරිසකගේ සහභාගිත්වයක් ලැබී තිබුණි.

හේෂාන් ප්‍රදීප් ද සිල්වා මහතා​ගේ හදිසි නික්ම යාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහුගෙන් ලද දායකත්වය බෙහෙවින් මග හැරෙනු ඇත. ඔහුගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

ඔහුට සදාකාලික ශාන්තිය අත්වේවා!

Share.

Comments are closed.