ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් ක්‍රියාත්මක කරන ල​ද ඔපරේෂන් ගැලන්ට් නයිට් 2 හි කොටසක් ලෙස එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) විසින් ලටාකියා ආණ්ඩුකාර ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය සාය​න පෙළක් දියත් කර තිබෙනවා.

800 කට අධික සිරියානුවන් සඳහා නාරිවේදය, ළමා රෝග, සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව සහ අභ්‍යන්තර වෛද්‍ය ඇතුළු විශේෂිත වෛද්‍ය සේවා රැගත් රථ පෙළක් විසින් මෙම සේවාවන් සපයන ලදී.

2023 පෙබරවාරි 6 වන දින ​එරටට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත් පවුල්වල දුක් වේදනා ලිහිල් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහ සහන ප්‍රයත්නවල කොටසක් ලෙස ලටාකියා හි සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සමඟ සහයෝගයෙන් මෙම මුලපිරීම සංවිධානය කර තිබෙනවා.

“රෝහල් සම්පත් හිඟයෙන් පෙළෙන ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව මෙම රථ පෙළ ඉලක්ක කළ බවත් “වෛද්‍ය සැපයුම්, ළදරු කිරිපිටි සහ දියවැඩියා සහ රුධිර පීඩන මිනුම් නිරීක්ෂකයන් ව්‍යාපාරයේ කොටසක් ලෙස බෙදාහරින ලද බවට.” ERC නියෝජිතයෙකු පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිරියානු ජනතාවට තම රට යථා තත්ත්වයට පත් කිරීමේදී සහ පුනරුත්ථාපනය කිරීමේදී ආහාර, වෛද්‍ය සැපයුම් සහ ඖෂධ ලබා දීම මෙන්ම විවිධ අංශවල අවශ්‍යතා ගවේෂණය කරමින් ඔවුන්ට සහාය වීමට දරන උත්සාහය දිගටම ක්‍රියාත්මක ක​රයි.

Share.

Comments are closed.