ඉන්දියානු ඊ-වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ-වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවය.

මේ හේතුවෙන් ඉන්දීය ඊ-වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

අදාළ ව්‍යාජ වෙබ් අඩවි (URL) ලයිස්තුව පහතින් දැක්වෙයි.

Share.

Comments are closed.