එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඊට අනුබද්ධිත ද​හම් පාසල එක්ව පවත්වනු ලැබූ සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යය පසුගිය අප්‍රේල් මස 30 වන ඉරු දින ඉතා අභිමාණවත් අයුරින් සමරණු ලැබුවා.

ඒ සඳහා විශාල දෙමාපිය සහභාගිත්වයක් ලැබී තිබුණ අතර මෙම සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යයට ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා​ද එක් වෙමින් උත්සවයේ කටයුතු සාර්ථක කරගැන්මට විශාල දායකත්වයක් දැක්වූවා.

සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යය පවත්වන්න​ට හේතු වූ මූලික එක් කරු​ණක් වූ​යේ හෙ​ල අවුරුදු චාරිත්‍ර හා ජන ක්‍රීඩා පිළිබඳව දරු දැරියන්ට අවභෝධයක් හා අත්දැකීමක් ලබා දීමයි.

මව් බිමෙන් බැහැරව ජීවත් වන ශ්‍රී ලාංකික දරු දැරියන්ට අත්විඳීමට නොලැබෙන බුලත් හුරුළු දී දෙමාපිය වන්දනාව වැනි හෙල අවුරුදු චාරිත්‍ර විදි, අවුරුදු කැවිලි හා පෙවිලි, අලුත් අවුරුදු උත්සව පරිසරය මෙලෙස පවත්වන්නට යෙදුන සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යය මගින් සිය දෙමව්පියන් හා එක්ව අත්විඳීමේ අවස්ථාව දරුවන්ට උදාවූවා. 

Share.

Comments are closed.