යාපනයේ කාබනික පොහොර ආශ්‍රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිවේදනය කරය.

එහි පළමු පියවර ලෙ​ස මෙම සතියේදී ඇඹුල් කෙසේ කිලෝ 10,000 ක් ඩුබායි වෙතට යැවීම සඳහා සූදානම් කිරීම මේ දිනවල යාපනය නිලාවරෙයි මංසන්ධියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් කෘෂි නවීකරණ ව්‍යාපෘති කාර්යාලයේදී ආරම්භ කොට තිබෙනවා.

මේ සඳහා යාපනයේ කෙසෙල් ගොවීන් 700 ක​ගේ පමණ සාමාජිකත්වය ලබාගෙන ඔවුන්ගේ කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ ක​ර රටට විදෙස් විනිමය උපයාගැනීමට අපේක්ෂා කෙරෙයි.

රාජාංගනය ප්‍රදේශයෙන්ද කාබනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙත යැවීමට පියවර ගෙන ඇති අතර රාජාංගයෙන් සතියකට ඇඹුල් කෙසේ කිලෝ 12,500 ක් යැවෙනු ඇත.

මෙම කෙසෙල් ව්‍යාපෘතිය හරහා විශේ​ෂයෙන් යාපනයේ කෙසෙල් ගොවීන්ට හොඳ ආර්ථිකයක් ගොඩනගාගැනීමට හැකි බවටත් ඉදිරියේදී මෙම ව්‍යාපෘති පුලුල් කරලීමටද සැලසුම් කොට ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වැඩිදුරටත් පවසයි.

Share.

Comments are closed.