හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනෙකු ලබන සඳුදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ඔවුන් එදින පස්වරුවේ කොළඹදී හමුවීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් එලෙස හමුවීමට නියමිතයි.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් එලෙස රැස්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version