එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ලෙස සහන සුභසාධක සංගමයේ ප්රජාසංවර්ධන අරමුදල් ගොඩනැගීම සඳහා ප්‍රථම වරට සංවිධානය කල බෝලිං තරගාවලියක් ඊයේ සවස අල් මම්සාර්හි ඩුබායි බෝලිං මධ්‍යස්ථානයේදී අතිසාර්ථක පවත්වනු ලැබුවා.
මෙම විශේෂ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමාද සහභාගී වූවා.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 36 ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් නියෝජනය කරනු ලැබූයේ පාසල් වල ආදි ශිෂ්‍යයන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෘත්තීය සංවිධාන සහ විවිධ ආයතන නියෝජනය කරන කණ්ඩායම් විසිනි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා කණ්ඩායමක් ඉදිරිගත්ව සිටීම විශේෂත්වයකි.
ඛාණ්ඩ තුනක් යටතේ එක් කණ්ඩායමකට පස් දෙනා බැගින් මෙම තරඟාවලිය පැවැත්වූ අතර ඒ පිරිමි, කාන්තා සහ මිශ්‍ර වශයෙනි.
- පිරිමි ඛාණ්ඩයේ ජයග්‍රහණය ලබාගත්තේ NIB කණ්ඩායම විසින් වන අතර
- කාන්තා ඛාණ්ඩයේ ජයග්‍රහණය ලබාගත්තේ Good Shepherd Convent කණ්ඩායම විසිනි.
- මිශ්‍ර ඛාණ්ඩයේ ජයග්‍රහණය Fun Boys කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා.
ජයග්‍රාහී කණ්ඩායම් වෙත ත්‍යාග බෙදාදීම ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමා අතින් සිදුකෙරුණා.
සහන සුභසාධක සංගමය ප්‍රථම වරට සංවිධානය කල මෙම බෝලිං තරගාවලිය ඉතා සාර්ථකව පැවැත්වූ අතර මෙය සෑම වසරකදීම වාර්ශික තරගාවලියක් ලෙස පැවැත්වීමට ඔවුන් බලපොරොත්තු වෙනවා.