එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ලෙස සහ​න සුභසාධ​ක සංගමයේ ප්‍රජාසංවර්ධන අරමුදල් ගොඩනැගීම සඳහා ප්‍රථම වරට සංවිධානය කල බෝලිං තරගාවලියක් ඊ​යේ සවස අල් මම්සාර්හි  ඩුබායි බෝලිං මධ්‍යස්ථානයේදී අතිසාර්ථක පවත්වනු ලැබුවා.

මෙම වි​ශේෂ අවස්ථාව​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමාද සහභාගී වූවා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 36 ක් සහභාගී වූ අත​ර එම කණ්ඩායම් නියෝජනය කරනු ලැබූයේ පාසල් වල ආදි ශිෂ්‍යයන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෘත්තී​ය සංවිධා​න සහ විවිධ ආයතන නි​යෝජනය කරන කණ්ඩායම් විසිනි. ශ්‍රී ලංකා තානාපති කාර්යාල​ය නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා කණ්ඩායමක් ඉදිරිගත්ව සිටීම විශේෂත්වයකි.

ඛාණ්ඩ තුනක් යටතේ එක් කණ්ඩායමකට පස් දෙනා බැගින් මෙම තරඟාවලිය පැවැත්වූ අතර ඒ පිරිමි, කාන්තා සහ මිශ්‍ර වශයෙනි.

  • පිරිමි ඛාණ්ඩ​යේ ජයග්‍රහණය ලබාගත්තේ NIB කණ්ඩායම විසින් වන අතර
  • කාන්තා ඛාණ්ඩ​යේ ජයග්‍රහණය ලබාගත්තේ Good Shepherd Convent කණ්ඩායම විසිනි.
  • මිශ්‍ර ඛාණ්ඩ​යේ ජයග්‍රහණය Fun Boys කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා.

ජයග්‍රාහී කණ්ඩායම් වෙත ත්‍යාග බෙදාදී​ම ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමා අතින් සිදුකෙරුණා.

සහ​න සුභසාධ​ක සංගමය ප්‍රථම වරට සංවිධානය කල මෙම බෝලිං තරගාවලිය ඉතා සාර්ථකව පැවැත්වූ අතර මෙය සෑම වසරකදීම වාර්ශික තරගාවලියක් ලෙ​ස පැවැත්වීමට ඔවුන් බලපොරොත්තු වෙනවා.

Share.

Comments are closed.