ඩුබායි ශ්‍රී ලංකාරාමයේ නිර්මාතෘවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාකාරක සංඝ සභික තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද විචිත්‍ර ධර්ම කථික අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්​සේ, විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකරන එම ශාසනික මෙහෙවර​ට උපහාර පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රීමත් මහානායක ධුරන්දර අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල අභිධාන මහා ස්වාමින්ද්‍රයන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින්පූ ජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ වෙත සිරි ජිනවංස පඤ්ඤා විසුද්ධි වංසාලංකාර යන ගෞරව නාම සම්මුතිය සහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූ සේක.

ඉහත ගෟරව නාමයෙන් පිදුම් ල​ද අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මහා ස්වාමින්වහන්සේට අපගේ සුභාශිංසන ඉමහත් ගෞරවයෙන් පිරිනමමු.

Share.

Comments are closed.