Ishi Beauty Saloon මගින් ප්‍රථම වතාවට ඉදිරිපත් කරන Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟයේ Grand Finale හෙට බර් ඩුබායිහි ග්‍රෑන්ඩ් එක්සෙලර් හෝටලයේ දී ප.ව. 6:30 සිට අළුයම 2.00 දක්වා පැවැත්වෙනවා.

මෙම තරගයන් සඳහා පසුගිය මාර්තු 03 වැනිදා දක්වා අයදුම්පත් කැඳවූ අතර එහිදී  ලැබුණු අයඳුම්පත් අතරින් Miss. Sri Lanka / Mr. Sri lanka / Mrs. Sri Lanka යන කාණ්ඩ 3ක් යටතේ තර​ඟකරුවන් 40 දෙනෙකු තරඟ වැදීමට නියමිත අතර එක් එක් කාණ්ඩය යටතේ අවසන් ජයග්‍රාහකයන් තිදෙනෙකු තෝරා ගැන්මට නියමිතයි.

මෙම තරගාවලියේ වි​ශේෂත්වය වූයේ මෙම තරගකරුවන්ට ෆේස්බුක් හරහා ​ඡන්දය ලබාදෙමින් එක් එක් කාණ්ඩ​ය යටතේ ජනප්‍රියම තරඟකරුවා තෝරාගැන්ම​ට ජනතාවට දායක වීමට අවස්ථාවක් උදාකරදීමයි. එලෙස තරඟකරුවන්ට ඡන්දය ලබාදීමට තිබූ අවස්ථාව පසුගිය මැයි 3 වෙනිදායින් අවසන් වූවා. හෙට පැවැත්වෙන අවසන් තරඟයේදී එක් එක් කාණ්ඩ​ය යටතේ අවසන් ජයග්‍රහකයින් තෝරා ගැන්මට නියමිත අතර කාණ්ඩ තුන යටතේ ෆේස්බුක් හරහා ​වැඩිම ඡන්ද ලබාගන්නා තරඟකරුවන් තිදෙනා ජනප්‍රි​යම තරඟකරුවන් තිදෙනා ලෙස කිරුළු පැළඳීමට නියමිතයි.

ඩුබායි හි ​ප්‍රථම වර​ට හෙට පැවැත්වෙන Mr, Miss & Mrs Sri lanka 2023 Grand Finale තරඟය පැවැත්වෙන පරිශ්‍රයේ පුහුණුවීම් කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින අතර අනෙකුත් සංවිධාන කටයුතු​ද  සූදානම් කෙරෙමින් පවතී.

Share.

Comments are closed.