පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලයී​ය ආදි ශිෂ්‍යයන්ගේ දෙවන වරට පැවැත්වූ UAE මහා ක්‍රිකට් ගැටු​ම පසුගියදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූවා.

තර​ඟයේ කාසියේ වාසිය දිනූ ධර්මපාල විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කලා. ඒ අනුව ප්‍රථමයෙන් පන්ඳුවට පහර දුන් මාතර රාහුල විද්‍යාලීය කණ්ඩායම ඕවර 18.4කදී සියලු දෙනා දැවී ලකුණු 109ක් රැස් කලා.

එයට පිළිතුරු වශයෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය කණ්ඩායම පන්දුවාර 15කදී කඩුළු 1ක් දැවී ලකුණු 110ක් රැස් කරමින් කඩුළු 9ක විශිෂ්ට ජයක් වාර්ථා කලා.

මෙම තරඟයේ

  • ශාලුක කඳනාරච්චි (ධර්මපාල) පන්ඳු 26​ට ලකුණු 54
  • චතුර පලිහක්කාර (රාහුල) පන්ඳු 28​ට ලකුණු 34
  • පංචන රහල් බණ්ඩාර (ධර්මපාල) පන්ඳු 19​ට ලකුණු 16 ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.

​පන්ඳු යැවීමේදී

  • යොහාන් ධනුක මධුසංඛ (ධර්මපාල) ඕවර 3 ලකුණු 10 කඩුළු 4
  • මිලින්ද පෙරේරා (ධර්මපාල) ඕවර 3.4 ලකුණු 13 කඩුළු 2
  • හෂාන් පෙරේරා (ධර්මපාල) ඕවර 3 ලකුණු 11 කඩුළු 1 ලබාගනිමින් පන්ඳු යැවීමෙන් දස්කම් දැක්වූවා.

තරඟාවලියේ වීරයා ලෙස ධර්මපාල විද්‍යාලයේ යොහාන් ධනුක මධුසංඛත්, හොඳම පිතිකරු ලෙස ධර්මපාල විද්‍යාලයේ ශාලුක කඳනාරච්චිත්, හොඳම පන්ඳුයවන්නා ලෙස රාහුල විද්‍යාලයේ චතුර පලිහක්කාරත් තෝ​රා ගැනුනා.

මෙම විශේෂ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවා.

Share.

Comments are closed.