එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වර​ට සංවිධානය කරනු ලබන ‘Project BluePrint’ නමින් පුද්ගල සංවර්ධන වැඩමුළුවක් 2023 මැයි 14 දින පෙ.ව. 9:00 – සවස 4:00 දක්වා Novotel – Al Barsha හෝටලයේදී පැවැත්වෙනවා.

Project BluePrint පුද්ගල සංවර්ධන වැඩමුළුව හරහා

  • ශ්‍රී ලාංකීය විදේශිකයින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ අරමුණ සහ පැහැදිලි බව දිරිමත් කිරීමටත්
  • විවෘත හා අවංක සාකච්ඡාව​කට මුල පෑදීමටත්
  • මූල්‍ය දුෂ්කරතාවලට විසඳුම් සෙවීමටත්
  • සාම්ප්‍රදායික නොවන වෘත්තීය මාර්ග සලකා බැලීම මෙන්ම ජාලකරණයටත්
  • ව්‍යවසායකත්ව චින්තනය සහ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා අවස්ථාවන් ගොඩනැගීමටත් බලාපොරොත්තු වේ.

එහිදී සහභාගිවන්නන්​ට තම සීමාවෙන් පිටත සිතීමට, ව්‍යවසායකයෙකුගේ භූමිකාව භාර ගනිමින් සැබෑ ලෝකයේ ගැටළු සඳහා නිර්මාණාත්මක විසඳුම් ජනනය කිරීමට දිරිමත් කරනු ඇ​ත. මෙමගින් ව්‍යාපාර සහ රැකියා ක්ෂේත්‍රයේ නවෝත්පාදන, නිර්මාණශීලිත්වය සහ ගැටළු විසඳීමේ හැකියාවේ වැදගත්කම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහභාගිවන්නන්ට උපකාර කිරීම අරමුණු කරයි.

වැඩි විස්තර සඳහා

අෂාන් මුසාෆර් මහතා – 05 0506 1989

ඉස්තියාක් රාසික් මහතා – 05 2960 0045 අමතන්න.

Share.

Comments are closed.