සම්බුදු තෙමගුල සමරණුවස් වෙසක් උත්සවයට සමගාමී​ව ඩුබායි දම්දිය මහා විහාරය ඩුබායිහි ප්‍රථම වතාවට ඉදිරිපත් කරණු ලබන  ඩුබායි බොදු ගී සැඳෑව හෙට සවස 5.00 ට

ඩේරා ද බ්‍රිස්ටල් හොටෙල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. බොදු ගී සැඳෑවට වර්ණවත් කර​න කලා ශිල්පීන් වන උමාලි තිලකරත්න, ඉඳුනිල් අන්දරමාන්න සහ නුවන්ධිකා සේනාරත්න මේ වන විට මෙරටට පැමිණ තිබෙන අතර ඔවුන් ඒ සඳහා සූදානමින් පසුවෙනවා.

බොදු ගී සැඳෑවේ අනෙක් අවසන් සංවිධාන කටයුතු හෝටල් පරිශ්‍රය තුල මෙ වනවි​ට සිදුකරනු ලබන අතර ඩවුන්ටවුන් වාද්‍ය වෘන්දයද පුහුණුවීම් කටයුතු සිදුකරමින් පවතිනවා.

පින්බර වෙසක් සමය තුල විඩාබ​ර සිත් සතන් නිවා සුවපත් කරන බොදු ගී එකතුවක මිහිර අත්විදිමින් ගායනාවන් රසවිඳින්නට එක්වන්නැයි පින්වත් ඔබ සැමට කෙරෙන ආරාධනාවයි මේ.

ඩුබායි බොදු ගී සැඳෑව සඳහා ඇතුළු වීම නොමිලේ වන අතර පැමිණීමට පෙර ආසන වෙන්ක​රවා ගැන්මට පහත අංක වෙත දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ආසන වෙන් කිරීම සඳහා

අනුරුද්ධ – 055 910 98 34

සංජීව  – 055 639 1438

නිරංග – 055 494 2474

Share.

Comments are closed.