Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Rank»UAE විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ හොඳම බලපත්‍රය වන්නේ ඇයි?
Rank

UAE විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ හොඳම බලපත්‍රය වන්නේ ඇයි?

Stanly KularathnaBy Stanly KularathnaMay 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් සම්පාදනය කරන ලද දර්ශකයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රය ලොව බලවත්ම ලේඛනය ලෙස නම් කර තිබෙනවා. එමරාති විදේශ ගමන් බලපත්‍රය මේ වසරේ පළමු වරට ලොව පළමු 10 දෙනා අතරට ඇතුළු විය – පසුගිය වසරේ 35 වැනි ස්ථානයේ සිට එක්වර​ම අංක එකේ ස්ථානයට පැමිණ ඇත.

මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රයක් මගින් ලබා දෙන සංචාරක නිදහස, “රටේ ව්‍යාපාරික හිතකාමී පරිසරය සහ අපේක්ෂා කළ හැකි බදු ක්‍රමය” යන දර්ශකයන්​ට අනුව ය.

Nomad Capitalist විසින් ඉදිරිපත් කල, රටවල් 199 ක විදේශ ගමන් බලපත්‍ර සඳහා දර්ශකය ලෝකයේ හොඳම පුරවැසිභාවය පෙන්නුම් කරයි.

මෙම දර් ශකය සාධක පහක් මත විදේශ ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කරයි:

  • වීසා රහිත සංචාර: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර හිමියෙකුට, වීසා බලපත්‍රයක් නොමැතිව හෝ සංචාරයේදී වීසා බලපත්‍රයක් ලබාගැනීම ම​ත හෝ විද්‍යුත් ගමන් බලපත්‍රයක් හරහා මුළු ගමනාන්ත 181කට ඇතුළු විය හැකිය.
  • පුරවැසියන්ගේ බදුකරණය: දර්ශකයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බදු ලකුණු 50 ක් ඇත, එනම් “ශුන්‍ය බදු” යන්නයි.
  • පිලිගැන්​ම: ලෝක සතුටු වාර්තාව, මානව සංවර්ධන දර්ශකය සහ විවිධ වූ සාධක මත එක් එක් රටේ පුරවැසියන් පිළිගන්නා ආකාරය සහ පිළිගැනීමට ලක්වන ආකාරය තීරණය කරයි.
  • ද්විත්ව පුරවැසිභාවය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ට “බොහෝ විට වෙනත් පුරවැසිභාවයන් දැරීමට අවසර ඇත” යන්නයි.
  • පුද්ගලික නිදහස: මෙය අනිවාර්ය හමුදා සේවය, රජයේ නිරීක්ෂණ සහ මාධ්‍ය නිදහස පිළිබඳ දත්ත සහ ප්‍රවෘත්ති වාර්තා මත රඳා පවතී.

එමරාති විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම ඉහත සාධක මත පදනම් වී ඇති අතර, “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර හිමියාට නිදහ​සේ සංචාරය කළ හැකි රටවල් ගණන පමණක් ශ්‍රේණිගත කිරීම සඳහා ​නොසැ​ලකෙන අතර බදු ගෙවීම, නිදහසේ ජීවත් වී​ම, රෙගුලාසි වලට අනුකූලවී​ම සහ ගමන් කිරීමේදී පරීක්ෂාවෙන් වැළකීම වැනි විවිධ අවශ්‍යතා සැලකිල්ලට ගනී.

දර් ශකයේ හොඳම ගුවන් ගමන් බලපත්‍ර 10 වන්නේ:

  • UAE
  • ලක්සම්බර්ග්
  • ස්විට්සර්ලන්තය
  • අයර්ලන්තය
  • පෘතුගාලය
  • ජර්මනිය
  • චෙක් ජනරජය
  • නවසීලන්තය
  • ස්වීඩනය
  • ෆින්ලන්තය යි

මෑතදී සිදුවූ ගෝලීය සිදුවීම් හේතුවෙන් බොහෝ විදේශ ගමන් බලපත්‍ර සඳහා වීසා රහිත ගමන් අඩු වී ඇත. මෙම ලකුණු උච්චාවචනය වන විට බහු පුරවැසිභාවය පැවතී​මේ වටිනාකම වඩාත් වැදගත් වේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබිහි නව රථවාහන අනතුරු ඇඟවීමේ පද්ධතියක්
Next Article විදේශ ගමන් බලපත්‍ර: ආගමන දෙපාර්තමේන්තුවෙන් වැදගත් පණිවිඩයක්
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.