එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වර​ට සංවිධානය කරනු ලැබූ ‘Project BluePrint’ පුද්ගලසංවර්ධන වැඩමුළුව පසුගියදා  Novotel – Al Barsha හෝටලයේදී පැවැත්වුනා. Project Blueprint පුද්ගලසංවර්ධන වැඩමුළුව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමණ්ද ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවා.

Project BluePrint පුද්ගලසංවර්ධන වැඩමුළුව මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ අරමුණ කරා යාමේදී ඇතිවන ගැටළු සඳහා විසඳුම් සෙවීමත්,  සාම්ප්‍රදායික නොවන වෘත්තීය මාර්ග සලකා බැලීමට දිරිමත් කිරීමත්, ජාලකරණ මගින් සහයෝගීතාවය හා අදහස් හුවමාරු​ව වැඩිදියුණු කිරීමත්, ව්‍යවසායකත්ව චින්තනය සහ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමත් අරමුණු කොටගත් එක් දින වැඩසටහන් මාලාවක් ​ක්‍රියාත්මක කිරීම මූලි​ක අභිප්‍රාය විය.

මෙදින වැඩසටහන​ට සහභාගී වූවන් කණ්ඩායම් කීපයකට බෙදා ඔවුනට යොමුකල පොදු ගැටළුවලදී විසඳුම් සෙවීම, ඉලක්කයක් කරා යාමේදී ව්‍යවසායකයෙකු තම සීමාවෙන් පිටත සිතීමට හුරුකරවීම, ගැටළු විසඳීමේ හැකියාවේ වැදගත්කම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ප්‍රායෝගිකව අවස්ථාව සලසාදීම සිදුකෙරුණා.

Project Blueprint පුද්ගලසංවර්ධන වැඩමුළුව ​සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ රැකියා ක්ෂේත්‍ර නියෝජනය කරමින් ශ්‍රී ලිංකික ​තරු​ණ තරුණියන් රැසක් සහභාගී වී සිටියා​.

Share.

Comments are closed.