මෙටා සමගම විසින් WhatsApp වල චැට් ලොක් නම් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට විශේෂිත චැට් ලොක් කිරීමට මෙමගින් හැකි වෙනවා.

මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Chat එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කෙරෙන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් ක​රන්නේ.

මේ හේතුවෙන් කිසිවෙකු ඔබගේ දුරකථනය අතට ගත්ත ද, ඔවුන්ට ඔබගේ චැට් වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇති. එය WhatsApp මගින් ලබාදුන් පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙන සුවිශේෂී අංගයක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Share.

Comments are closed.