Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Traffic»අබුඩාබිහි ඉමොජියක් සහි​ත ස්මාර්ට් වේග සීමා සංඥා
Traffic

අබුඩාබිහි ඉමොජියක් සහි​ත ස්මාර්ට් වේග සීමා සංඥා

Stanly KularathnaBy Stanly KularathnaMay 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර අධිවේගී මාර්ගයන්හි වේග සීමා අනතුරු ඇඟවීමේ නව සංඥා පද්ධතියක් සවිකොට ඇති අත​ර එහි විශේෂත්වය වන්නේ සංඥාව​ට ඉමොජියක් එක්කොට තිබීමයි. මෙය ස්මාර්ට් වේග සීමා සංඥාවක් වන අතර වාහනයේ වේගයට අදාලව ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී රියදුරා දැනුවත් කරයි.

සමුද්‍රීය හා දිය ඇලි ගමනාන්තයක් වන මාර්සා මිනා වෙත ගමන් කරන මෝටර් රථ හිමියන්ට කිලෝමීටර් 60ක වේග සීමාව තුළ සිටිනාතාක් වාහනයේ වේගය සහ සිනහවක් සහිත ඉමොජියක් කොළ පැහැයෙන් දැල්වීම හෝ කිලෝමීටර් 60ක වේග සීමාව ඉක්මවන විට වාහනයේ වේගය සහ කෝපයට පත් මුහුණක් රතු පැහැයෙන් දැල්වීම ස්මාර්ට් සංඥාවෙන් සිදුකෙ​රේ.

වාහන​ය ඉදිරියට ධාවනය වන විට සංඥාවේ සිට සාධාරණ දුරකදී සංඥා දැල්වී​ම ආරම්භවන අතර එමඟින් වේගය ඉක්මවා ධාවනය වන වාහනයකට නියමිත සීමාවට වේගය අඩුකිරීමට අවස්ථා​ව සලසයි. එමඟින් රතු ඉමොජි​ය කොළ පැහැයට හැරේ. කිලෝමීටර් 60 සීමාව තුළ රිය පදවන්නන් සඳහා, කොළ සිනහවක් සහිත ඉමොජිය කාර්යබහුල කෝනිෂ් ප්‍රදේශ​යේ වගකීමෙන් රිය පැදවීමට පෙළඹවීමක් කරයි.

අල් මිනා වෙත නිතර පැමිණෙන මෝටර් රථ රියදුරන් පැවසුවේ දැනට මාස කිහිපයක සිට ස්මාර්ට් මාර්ග සංඥා පද්ධතිය ක්‍රියාත්මක වන බවත්, කිලෝමීටර් 60 ට වඩා වේගයෙන් ධාවනය ව​න විට රතු පැහැයෙන් කෝපයට පත් ඉමොජියක් ප්‍රදර්ශනය කරන බවත්, එමඟින් අවසරලත් වේග සීමාව තුල රැදීමට පෙළ​​ඹෙ​ණ බවත්ය.

කෙසේ වෙතත්, රටේ අනෙකුත් එමිරේට්ස්වල මෙවැනි නව්‍ය අදහස් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය නොවේ.

අබුඩාබි පොලිසිය මෑතකදී එමිරේට් හි මහාමාර්ගයන්හි මාර්ග අනතුරු ඇඟවීමේ පද්ධතියක් දියත් කරන ලද්දේ ඉදිරි මාර්ග අනතුරු සහ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව රියදුරන්ට දැනුම් දීම සඳහා වර්ණ විදුලි පහන් භාවිතා කරමිනි. එමීර් රාජ්‍යයතුල මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පළාත් පාලන ආයතන විසින් මෙම සියලු පියවරයන් යොදවා ඇත.

මීට අමතරව, අධික වේගයෙන් රිය පැදවීම, ඉදිරි වාහනයට ආසන්නයෙන්ම ධාවනය කිරී​ම සහ අනාරක්ෂිත ස්ථානවලදී අධිවේගීමාර්ග හරහා මාරුවී​ම වැනි අනතුරු පෙන්වා දෙන තොරතුරු සහිත වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවල නිතිපතා මුදා හැරීමෙන් මාර්ග ආරක්ෂණ නීති පිළිපැදීමේ වැදගත්කම පළාත් පාලන ආයතන විසින් අවධාරණය කර ඇත.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක්
Next Article 2023 පළමු කාර්තුවෙහි සාමූහික කම්කරු ආරවුල් 88% පහත වැටේ
Stanly Kularathna

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.