බලශක්ති සහ යටිතල පහසුකම් අමාත්‍ය Suhail bin Mohammed Al Mazrouei පැවසුවේ ඉහළ කාර්යක්ෂමතාවයක් සහ සාධාරණ මිලක් පවත්වා ගනිමින් ආරෝපණ කාලය(charging time) අඩු කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන(charging stations) පිළිබඳ නව නීති සම්පාදනයක් සඳහා අමාත්‍යාංශය අධ්‍යණය කරමින් සිටින බවයි.

2023 ලෝක උපයෝගිතා සමුළුවට සමගාමීව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රට පුරා විදුලි වාහ​න ආරෝපණ මධ්‍යස්ථාන 500 ක් පමණ ඇති බවත්, ඉදිරි වසරවලදී එම සංඛ්‍යාව අලෙවිසැල් 800 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

2023 මුලදී, Adnoc Distribution සහ UAE හි විදුලි වාහ​න යටිතල පහසුකම් ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා Abu Dhabi National Energy Company (TAQA) සමඟ E2GO සංචලතා හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට එකඟ විය. 2028 වන විට විදුලි වාහ​න ඉල්ලුම වාර්ෂිකව 30% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි වාහ​න වෙළඳපොළ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, 2030 වන විට අබුඩාබියේ වැඩිවන විදුලි වාහ​න ඉල්ලුම සපුරාලීම සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 70,000 අවශ්‍ය වේ.

Al Mazrouei තහවුරු කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය​​ය ලෝකයේ වඩාත්ම සමකාලීන හා අති නවීන ප්‍රවාහන සහ බෙදාහැරීමේ ජාලයන් ඇති බවයි.

පෙබරවාරි මාසයේදී, ඩුබායි උත්තරීතර බලශක්ති කවුන්සිලය (DSCE) හරිත ආරෝපණ (green charger) වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර ඩුබායිහි විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීමට තීරණය කළේය.

ඩුබායි විදුලි හා ජල අධිකාරිය (DEWA) පසුගියදා නිකුත් කළ නිවේදනය​කට ​අනු​ව ඩුබායි හි විදුලි වාහන (EV) ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ඩුබායි විදුලි හා ජල අධිකාරිය (DEWA) විසින් දියත් කරන ලද මුලපිරීම, UAEහි පරිසර හිතකාමී වාහන වෙත සංක්‍රමණය වීමට සහාය වන අතර එය විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත.

2022 අවසන් වන විට ඩුබායි පුරා ආරෝපණ ස්ථාන 620කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ හරිත ආරෝපණ (green charger) සංඛ්‍යා​ව 350 දක්වා ළඟා විය.

මෙම මුලපිරීම විදුලි හා දෙමුහුන් වාහන(hybrid vehicles) වැඩි වී​ම සඳහා විශාල බලපෑමක් ඇති ක​ල අත​ර 2022 අවසන් වන විට විදුලි වාහන (EV) සංඛ්‍යාව 15,100 දක්වා ළඟා වූ අතර, දෙමුහුන් වාහන සංඛ්‍යාව (hybrid vehicles) 13,500 දක්වා ළඟා වී​ය.

ඩුබායිහි කුලී රථ 100% පරිසර හිතකාමී වාහන බවට පත් කිරීම සඳහා අප්‍රේල් මාසයේදී, ඩුබායි ටැක්සි කෝපරේෂන් (DTC) කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂඥතාවක් ඇති කැනේඩියානු සමාගමක් වන BluWave-ai සමඟ ගිවිසුමක් අත්සන් කළේ කුලී රථ අවම වියදමකින් පරිසර හිතකාමී වාහන බවට පරිවර්තනය කිරීමේ ක්‍රම සහ භාවිතයන් ගවේෂණය කිරීමේ අරමුණින්.

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඩුබායි හි කුලී රථ 2027 වන විට 100%ක් පරිසර හිතකාමී (දෙමුහුන්, විදුලි සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන) වාහන බවට පත් කිරීමට සැලසුම් කරයි.

Share.

Comments are closed.