එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහන සුභසාධක සංගමය මගින් සංවිධානය කරණු ලබන “සහන” ලේ දන්දීමේ කඳවුරක් ඩුබායිහි අල් ජඩාෆ් – ලේ දන්දීමේ මධ්‍යස්ථානයේදී අද (මැයි 22) ආරම්භ වූ අතර එය මැයි 24 වෙනිදා තෙක් පුරා දින තුනක් පැවැත්වෙනවා. මෙම ලේ දන්දීමේ කඳවුර පෙරවරු 7:00 සිට සවස 6:00 දක්වා පැවැත්වෙනවා.
ඔබ දායකත්වයෙන් දන්දෙන ලේ බිඳුවකින් රෝගීවී හෝ අනතුරකින් ආපදාවකට ලක්ව නැවතත් ජීවිතය අයදිනා තවෙකෙකුගේ ජීවිතය රැකගන්නට, ඔවුනගේ අවසාන බලාපොරොත්තුව ඉටුකරලන්නට ඔබට හැකිනම් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබට කලහැකි උතුම්ම සත් ක්‍රියාවක් වන්නේය.
එලෙස ජීවිතය අයදින රෝගියා මොන තරාතිරමක කෙනෙක් වූවත්, කුමන ජාතියක්, රටක්, ආගමක් නියෝජනය කලත් එවැන්නෙකුට ජීවිතය දෙන්නට ඔබත් මෙය අවස්ථාවක් කරගන්න.
ඉහත දින තුනෙන් එකක “සහන” ලේ දන්දීමේ කඳවුරට පැමිණ මේ උතුම් සත්ක්‍රියාවට දායකත්වය ලබාදෙන ලෙස ආයාචනා කරන්නෙමු.
ඔබ ලේ දන්දීමේ කඳවුරට සහභාගීවන්නේ නම් පහත සබැඳිය වෙත ගොස් එහි ලියාපදිංචි වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ලියාපදිංචි සඳහා මෙතනින්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය වන සහන සුභසාධක සංගමය මගිනුයි “සහන” ලේ දන්දීමේ කඳවුර සංවිධානය කරණු ලබන්නේ.
පැමිණෙන සියලු දෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස සහන සුභසාධක සංගමය ඔබ සැමගෙන් ඉල්ලා සිටී.